ranjith-sri-niwasan-murder-case

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රාදේශීය නායකයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයන් 15 දෙනෙකුට එරට අධිකරණයක් මරණ දඬුවම නියම කර  ඇත.



සිදුවීමට අනුව රංජිත් ශ්‍රීනිවාසන් නම් තැනැත්තා  2021 දී ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉදිරිපිට ඝාතනය කරන ලද අතර එය ටයිට් ෆෝ ටාට්  ඝාතනයක් (සමාන පළිගැනීමක්)  ලෙස විස්තර කර ඇත.

මෙම වරදකරුවන් 15 දෙනා 2022 දී තහනම් කරන ලද ආන්දෝලනාත්මක මුස්ලිම් කණ්ඩායමක් වන Popular Front of India (PFI) සමඟ සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසා ඇත.
.


තවද කේරළ ප්‍රාන්තයේ ඇලප්පුසා දිස්ත්‍රික්කයේ සැසිවාර අධිකරණයක් විසින් ජනවාරි 20 වැනි දින මෙම පුද්ගලයින් වරදකරුවන් බවට පත් කර ඇත.

අඟහරුවාදා, මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසු, ශ්‍රීනිවාසන්ගේ බිරිඳ ලීෂා කියා සිටියේ ඔවුන්ගේ අහිමි වීම පිරවිය නොහැකි පාඩුවක් බවත් නමුත්, තීන්දුව සහනයක් වූ බවත් ය.

ශ්‍රීනිවාසන් 2021 දෙසැම්බර් 19 වන දින ඇලප්පුසා හි ඔහුගේ නිවසේදී ඔහුගේ මව, බිරිඳ සහ දියණිය ඉදිරිපිට කපා කොටා ඝාතනය කර ඇත.

අපරාධකරුවන් 15 දෙනාගෙන් 8 දෙනෙකු ඝාතනයට සෘජුවම සම්බන්ධ වී ඇති අතර තවත් පිරිසක් නිවසින් පිටත ආයුධ අතැතිව ආරක්ෂාවට සිටි බව පොලිසිය විමර්ශනයේදී සොයා ගෙන ඇත.

සොයාගැනීමට අනුව ඊට සම්බන්ධ වුවන් සමහරක් PFI හි සාමාජිකයින් (Popular Front of India යනු මුස්ලිම් සුළුතර දේශපාලනයේ රැඩිකල් සහ සුවිශේෂී ශෛලියක නිරත වන ඉන්දියාවේ ඉස්ලාමීය දේශපාලන සංවිධානයක්)  වූ අතර අනෙක් අය එහි දේශපාලන ඒකකය වන ඉන්දීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (SDPI) අයත් වූ බව සොයාගෙන ඇත.



එසේම 2022 දී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ෆෙඩරල් ආන්ඩුව ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධ බවට චෝදනා කරමින් PFI වසර පහකට තහනම් කෙරින.

ශ්‍රීනිවාසන්ගේ ඝාතනය සිදුවූයේ ඇලප්පුසා හි එස්ඩීපීඅයි නායකයෙකු වූ කේඑස් ෂාන් ඝාතනය කර පැය කිහිපයකට පසුවය.ඒ අනුව හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ දෘෂ්ටිවාදී උල්පත වන රාෂ්ට්‍රිය ස්වයම්සේවක් සංග් (ආර්එස්එස්) හි ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීමේ පළිගැනීම සඳහා ෂාන් ඝාතනය කර ඇති බව විමර්ශන වාර්තාවක් මගින්  හෙළිව ඇත.


ෂාන්ගේ ඝාතනයෙන් මාස කිහිපයකට පසු පොලිස් චෝදනා පත්‍රයක් 21 දෙනෙකු නම් කර තිබු අතර ඝාතනය සම්බන්ධයෙන් ආර්එස්එස් සාමාජිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබා ගත් බව පොලිසිය පවසා ඇත.

කෙසේනමුත් නඩුවේ නඩු විභාගය ලබන මාසයේ ආරම්භ වීමට නියමිත අතර ශ්‍රීනිවාසන් සහ ෂාන්ගේ පිට පිට ඝාතනය මේ වන විට  කේරළ ජනතාව කම්පනයට පත් කර ඇත.