ruwan-prasanna-gunaratne-mystery

බුදුදහම සම්බන්ධයෙන් දේශන පැවැත්වූ මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයා පසුගිය දා සයනයිඩ් ශරීරගත කරගෙන මියගොස් තිබී ඇති අතර හෝමාගම  පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකගේ බිරිඳ සහ පුතුන් දෙදෙන හා දියණියද  දේශන වලට සහභාගී වෙමින් ළගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද සයනයිඩ් ශරීරගත කරගෙන
දිවිනසාගෙන තිබේ. මේ අනුව රුවන් ප්‍රසන්න අනුව යමින් මියගිය ගණන 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බව කියන මෙම පුද්ගලයා
බුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
මෙලෙස සියදිවි හානි කරගත් පවුලේ සියලු දෙනාටම සයනයිඩ් වැනි විසක් හමුවීම පිළිබඳවත් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බවත් ඔහුගේ අනුගාමිකයන් සියලු දෙනා වෙත ද මේ ආකාරයෙන් අදාළ විස ද්‍රව්‍ය බෙදාහැර ඇත්දැයි සැකයක් පවතින බැවින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් පොලිසිය පැවසීය.


මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයාද සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි නසා ගැනීම නිසාවෙන් පැවැති අවමංගල්‍ය අවස්ථාවේ අවසන් කටයුතු සිදු කළ ඉකුත් 30 දින රාත්‍රී පවුලේ අනෙක් පිරිසද මෙලෙස සියදිවි හානි කර ගෙන ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.
අවමංගල්‍ය උත්සවය පැවැති නිවෙසේ කාමරයක් තුළ මුඛයෙන් සෙම වැනි යමක් වැගිරී තිබීම නිසාවෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතැයි ද ඒ වන විටත් සිවු දෙනාම මියගොස් සිට ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාකුඹුර කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම පවුලේ මව වන උදාරි නිසංසලා සේනාරත්න (35) ලොකු පුතා වන ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) දෙවන පුතා වන ආර්ය ප්‍රතාප ගුණරත්න (08) සහ බාල දියණිය වන ආරාධ්‍යා ප්‍රභාවී ගුණරත්න (06) යන අය වෙති.

මෙම පවුලේ පිරිස විදෙස් රටකට යාම සඳහා පොලොන්නරුව ප්‍රදේශයේ තිබූ දේපළ විකුණා දමා එම විදෙස්ගත වීම පිළිබඳව වැඩ කටයුතු සිදු වන තුරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචිව සිට ඇති බවත් එහි සිටි අතරතුර පියා සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි හානි කර ගෙන ඇති බවත් අනාවරණය වූ බව මාලඹේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එලෙස මිය ගිය මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය බුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය වූ බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



 පවුලේ අයට පසු මිය ගොස් සිටින අනුගාමික  තරුණයා සහ තරුණිය දේශකයාගේ අවමංගල්‍ය කටයුතු සිදුකල මාලබේ පිට්ටුගල තුන්අදහේන ප්‍රදේශයේ නිවසේ නතර වී සිටිමින් අවමංගල්‍ය කටයුතු වලටද සහභාගී වී තිබූ අයයි.

පොලිසිය සඳහන් කළේ යක්කල රාසල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් බව කියන තරුණියක සහ අම්බලන්ගොඩ තිවොල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තරුණයෙක් මෙලෙස මිය ගොස් තිබෙන බවයි.

මෙලෙස මිය ගිය තරුණයා මහරගම පරණ පාර ප්‍රදේශයේ නවාතැන්පොළක මියගොස් සිටියදී සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊයේ (02) සවස 1.30ට පමණ මෙම ලැගුම්හලට පැමිණි තරුණයා සවස 6ට පමණ එම ස්ථානයෙන් පිටව යන බවට ලැගුම්හලට දැනුම්දී තිබුණද ඔහු පිටව නොයෑම පිළිබඳ ඇති වූ සැකයක් පිළිබඳ කාමරය පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයා ඇඳ මත වැටී සිටිනු දැක එහි සේවකයෙක් පොලීසියට ඒ බව දැනුම්දී තිබෙයි.
 විෂ ශරීරගතව මිය ගියේ යැයි සැක කළ හැකි මරණ සංඛ්‍යාව මේ වනවිට 07කි.

ඔහුගේ මරණයෙන් පසු අවසන් කටයුතු සිදු කළ දින ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනාද දියණියද මිය ගොස් තිබු අතර ඔවුන්ද විෂ ශරීරගත කරගෙන මියගොස් තිබු පසුව



මාලඹේ කහන්තොට නිවසේදී මිය ගිය සිව් දෙනා පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් එම දේහයන් තබා ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගොස් පැවැත් වූ අතර, නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මාලඹේ පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීහු පොලිස් පරීක්ෂණ සිදු කරති.