සබරගමුව විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිකෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම හරි නැකැතක් නොමැතිවීමෙන් පමා වෙම්න් ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. සබරගමුව වෛද්‍ය පීඨයේ සමාන්තර සායනික ගොඩනැගිලි තවමත් සිසු අයිතියට පවරා නැතැයිද දිසානායක මහතා කීය.
ජනපතිගෙන් දිනයක් ලැබෙන තුරු නැකැත පමා වන බවට ආරංචි යැයි ද දිසානායක මහතා පැවසීය.සබරගමු, මොරටුව, වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අධ්‍යයන ගැටලු මතුවී ඇති බව කී දිසානායක මහතා ඒ හේතුවෙන් සිසුන් බරපතළ පීඩාවන්ට ලක්ව ඇතැයිද කීය.සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කටයුතු 2019 වසරේදී ආරම්භ වී ඇති බවත් ගිය වසර හතර ඇතුළත නියමිත පරිදි පීඨ සංකීර්ණයක් නොමැති වීම, මානව හා භෞතික සම්පත් හිඟය හේතුවෙන් ඔවුනට ගැටලු ගණනාවකට මුහුණදීමට සිදුව ඇති බවත් දිසානායක මහතා සඳහන් කළේය.
මෙම ආයතනය වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට තරම් සුදුසු මට්ටමක නැති බවට වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය නිර්දේශ කර ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් තුනකට අයත් සිසුන් අධ්‍යාපනය ලබමින් සිටින අතර තවමත් ඒ සඳහා පීඨ සංකීර්ණයක් ඉදිකර නැතැයිද ම
ොරටුව වෛද්‍ය පීඨයට සම සායනික ඒකක හෝ මහාචාර්ය ඒකක ස්ථිරව ලබාදී නැතැයි ද කී දිසානායක මහතා දේශන සඳහා තාවකාලික ස්ථාන පාවිච්චි කිරීමෙන් සිසුන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙන්නේ යැයි පැවසීය.
වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් පහකට අයත් සිසුන් සායනික පුහුණුව ලබන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පීඨයට අයත් එකදු දේශන ශාලාවක් වත් නැතැයිද දිසානායක මහතා සඳහන් කළේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවැසුවේ සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය රුපියල් කෝටි 4000ක මුදලක් වෙන්කර ඇති බවයි.
සුජිත් හේවාජුලිගේ
0 Comments