saif-ali-khan-surgery

 සාර්ථක ශල්‍යකර්මයකින් පසු ප්‍රකට බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් මේ වන විට මුම්බායි හි කෝකිලාබෙන් රෝහලේ සුවය ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වාර්තාවන්ට අනුව බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් නුදුරේදී විකාශනය වීමට සුදානම්ව ඇති චිත්‍රපටයක් සඳහා ක්‍රියාදාම රංගනයක් සිදුකිරීම අතරතුර හටගත් අසනීප තත්වයක් මත රෝහල් ගත කොට ඇත.

ඉන් පසු ඔහුව මේ වන විට ට්‍රයිසෙප් සැත්කමකට භාජනය කර ඇත. උරහිස් තලයට සහ වැලමිට අස්ථියට  ඉහළ අතේ පිටුපස පිහිටා ඇති ට්‍රයිසෙප්ස් මාංශ පේශි සම්බන්ධ කරන කණ්ඩරාවන්ට හානි වීම ඔහුට සිදුව තිබෙයි.




සයිෆ් මේ වන විට මුම්බායි හි කෝකිලාබෙන් රෝහලේ 'හොඳින් සුවය ලබමින් පසුවෙයි

ශල්‍යකර්මයෙන් පසු ඔහු පවසා ඇත්තේ මෙම තුවාලය සහ පසුව සිදු වූ ශල්‍යකර්මය ඔවුන් විසින් සිදුකරන ලදවිවිධ ක්‍රියාවන් හේතුවෙන් ඇතිවන බවත්,නමුත් ඒ සදහා ප්‍රතිකාර කල කාර්යමණ්ඩලයේ ආදරණිය බව තමා අගය කරන බවත්,මේ වෙනුවෙන් නොකඩවා තමන්ට ලැබෙන සුබ පැතුම් වලට ස්තුති වන්ත වන බවත් ය


වාර්තා වලට අනුව, සඳුදා උදෑසන රෝහලට පැමිණෙන විට ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන්ද ඔහු අසලම සිට ඇත



සයිෆ් අලි ඛාන් අවසන් වරට රගපා  ඇත්තේ ආදිපුරුෂ් චිත්‍රපටයේ ය

එයට ප්‍රභාස් සහ ක්‍රිටි සැනොන් ද රංගනයෙන් දායක වන අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ Om Raut විසින් ය

අනාවැකි වල සදහන් වන ආකාරයට  ඔහු මීළඟට Jr NTR සහ Janhvi Kapoor සමඟින් තෙළිඟු චිත්‍රපටියක් වන Devara හි ප්‍රේක්ෂකයන්ට  දැකගත හැකිය.


දේවරා නිෂ්පාදකයින් විසින් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෑතකදී නිකුත් කරන ලද අතර, ජූනියර් NTR ගේ avatarය ප්‍රේක්ෂක සිත් අද බැද තබා ඇත


ඔහු රංගනයෙන් දායකත්වය සපයන ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටය ,අධ්‍යක්ෂණය කරන්නේ Koratala Siva විසින් බව සදහන් වේ

එයටද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනු ඇති බැව්නම් අවිවාදාත්මකය