salary-hike-5000-gov-service
රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය අද (8)තීරණය කළේය.


රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් දස දහසක පඩි වැඩිවීමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල් 5000 ක් ලබන අප්‍රේල් මාසයේ සිටද ඉතිරි රුපියල් 5000ක මුදල ඔක්තෝබර් මාසයේ සිටද ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.



අයවැයෙන් වැඩි කෙරුණු මුදලින් රුපියල් පන්දහසක් වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමේ අරමුණින් ජනවාරියේ සිටම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ වැටුප් වැඩිවීමෙන් රුපියල් පන්දහසක් ජනවාරියේ සිටද අප්‍රේල් මාසයේ සිට රුපියල් දස දහසක මුදලම ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළේය.