අද (25) උදෑසන මීගමු අධිවේගී මාර්ගයේදී හදිසි අනතුරකින් මියගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා දේශපාලන වශයෙන් විරුද්ධ මත දරන්නන් සමග නිරන්තර හැලහැප්පීම් ඇති කරගත් අයෙකි.
ඔහුගේ මරණය සමග සමාජ මාධ්‍ය තුළ පළවන ඇතැම් පෝස්ටු එම මතබෙදීම තහවුරු කරයි.
මේ අතර සිදු නොවූ ඇතැම් දේවල්ද සිදුවූ ආකාරයට ව්‍යාජව උකහාදක්වමින් ඡායාරූප පළකිරීම් සිදුකර ඇති අතර මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔහුට විරුද්ධ මත දරන අය ‘අමානුෂික‘ බව පෙන්නුම් කරන්නට රතිඤ්ඤා පත්තු කරන ඡායාරූපයක් ප්‍රචාරය කරමින් පවතී.
සනත් නිශාන්ත මියගිය සතුටට බොරැල්ලේ රතිඤ්ඤ පත්තු කළ බවට පළවන එම ඡායාරූපය ගූගල් රිවර්ස් ඉමේජ් සර්ච් කර බැලීමේදී මීට වසර දෙකකට වඩා පැරණි එකක් බව තහවුරු වේ.
2022 එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඉන් සතුටට පත් පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාව මහ මාර්ගයේ රතිඤ්ඥා පත්තු කර කිරිබත් පිසූ අවස්ථාවක් මෙලෙස ව්‍යාජ ලෙස සංස්කරණය කර අද සිදුවූ එකක් ලෙස උකහා නිරූපණය කර ඇති බව හඳුනාගන්නට ලැබේ. සමාජ මාධ්‍ය තොරතුරු විනිශ්චය කරන Factcrescendo ආයතනයද මෙය ව්‍යාජ සංස්කරණයක් බවට තහවුරු කර තිබේ.
0 Comments