sanath-nishantha-driver-suspect

 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආර­ක්ෂක නිල­ධා­රියා මර­ණ­යට පත්ක­ර­මින් කටු­නා­යක අධි­වේගී මාර්ගයේ රිය අන­තුර සිදුවූ ආකා­රය ගැන එම රථය පැදවූ රියැ­දුරු සැබෑ­වක් පව­ස­න්නේ­දැයි රථ­වා­හන අංශ­වල සේවයේ නිරත නිල­ධා­රීන්ට ගැට­ලු­වක් මතු වී තිබේ. සනත් නිශාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා ගමන් කළ ජීප් රථයේ රියැ­දුරු පොලි­සි­යට පවසා ඇත්තේ කන්ටේ­නර් රථ­යට සිය රථය ඉස්සර කිරී­මට යාමේදී වෙනත් වාහ­න­යක් ද ඉස්සර කිරී­මට ගිය බැවින් අන­තු­රක් සිදුවේ යැයි සිතා තමා අන­තු­රක් වළක්වා ගැනී­මට වාහ­නය වමට ගන්නා අව­ස්ථා­වේදී කන්ටේ­න­රයේ ගැටුණු බවය. මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් මෙතෙක් කර ඇති විම­ර්ශ­න­යේදී හෙළිවී ඇති ආකා­ර­යට අනුව රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා ගමන් කළ රථය අන­තු­රට ලක්වන විට පැයට කිලෝ­මී­ටර් 140ට වැඩි වේග­ය­කින් ගමන් කර තිබී ඇත. අන­තු­රත් සමඟ වාහ­නයේ වේග මීට­රය නැවතී ඇත්තේ 140ට ආසන්න ප්‍රමා­ණ­යෙනි.

මෙත­රම් වේග­ය­කින් ඉදි­රි­යට ධාව­නය වෙමින් තිබුණු වාහ­න­යක් පස්සේ ඊට වඩා වේග­යෙන් වාහ­න­යක් ධාව­නය කර­මින් ඉස්සර කරයි ද? යන්න රථ­වා­හන නිල­ධා­රීන් අතර මේ වන විට දැඩි කතා­බ­හ­කට ලක්ව තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන නිල­ධා­රීන් අත­රද යම් සැක­ය­කට තුඩු දී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය. මෙත­රම් අධික වේග­ය­කින් අධි­වේගී මාර්ගයේ ගමන් කරන රථ­වා­හන හැම­වි­ටම ධාව­නය වන්නේ දකු­ණු­පස මංතී­රුවේ බවද රථ­වා­හන අංශයේ පොලිස් නිල­ධා­රීන් පෙන්වා දෙයි. එසේ තිබි­යදී මෙත­රම් වේග­ය­කින් ධාව­නය කරන වාහ­න­යක් වම් තීරුවේ ගමන් කර­මින් කන්ටේ­නර් රථ­යක් ඉස්සර කිරී­මට යාම ගැන ද ඇත්තේ ගැට­ලු­වක් බවද එම නිල­ධා­රීන් සඳ­හන් කරති. එම නිල­ධා­රීන් පෙන්වා දෙන්නේ බොහෝ විට මෙම අන­තුර රියැ­දුරු පව­සන ආකා­ර­යට සිදු වී තිබේ­දැයි එක­ව­රම පිළි­ගැ­නී­මට අප­හසු බවය. මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වද යම් සුවි­ශේෂි විම­ර්ශ­න­යක් මේ වන විට ආරම්භ කර ඇත.

ඒ සනත් නිශාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා අන­තු­රට ලක්වන විට ජීප් රථය පැදවූ රියැ­දුරු ඊට දින කිහි­ප­ය­කට පෙර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා­හැර තිබුණු පණි­වු­ඩ­යක් මුල්ක­ර­ගෙ­නය. ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් රියැ­දු­රාගේ ජංගම දුර­ක­ත­නය ද පසු­ගිය 26 වෙනිදා සිය භාර­යට ගත්තේය.

එම නිල­ධා­රීන් විසින් අධි­වේගී මාර්ගයේ ආර­ක්ෂක කැමරා පද්ධ­තිය පරීක්ෂා කළ­හොත් මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් රියැ­දු­රුගේ ප්‍රකා­ශ­වල ඇත්ත නැත්ත පැහැ­දි­ලි­වම අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි­වනු ඇතැයි ද රථ­වා­හන අංශයේ නිල­ධා­රීහු පව­සති.
(ගයාන් කුමාර වීර­සිංහ)