ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ මරණය හිසට වම් පාදයට සහ පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සහ අභ්‍යන්තර ලේ වහනයෙන් සිදුවූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්වේ.
සනත් නිශාන්ත මහතාට කිසිදු නිදන්ගත රෝගයක් හෝ වෙනත් කිසිදු රෝගාබාධයක් වැළඳී නොතිබුණු බවටද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවී ඇත.
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රොමේෂ් අලගියවන්න සහ විශේෂඥ වෛද්‍ය වියානි ඩයස් යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූහ.අමාත්‍යවරයාගේ සහෝදරයකු සහ හිතවතකු විසින් දේහය හඳුනා ගනු ලැබීමෙන් අනතුරුව මරණ පරීක්ෂණය ඊයේ (25) පෙරවරු 10.00ට ආරම්භ විය. අමාත්‍යවරයාගේ සහෝදරයාගෙන් සහ හිතවතාගෙන් ද මෙහිදී ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවට එම දෙදෙනා එහිදී ප්‍රකාශ කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේ දී පැවැත්වුණේ වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවේගෙදර මහතාගේ නියෝගයකට අනුවය.අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් ජයකොඩි මහතාගේ මරණ පරීක්ෂණය ද ඊයේ (25) රාගම ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි.
සිරුරේ ඇතිවූ බහුවිධ තුවාල සහ අභ්‍යන්තර රුධිර වහනයෙන් එම ආරක්ෂක නිලධාරියාගේ මරණය සිදු වී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.එම නිලධාරියාගේ ඥාතීන් දේහය හඳුනා ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය කළේය. එම ඥාතීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි. අමාත්‍යවරයාගේ රියැදුරු රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ඔහුගෙන් ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා කටුනායක අධිවේගී මාර්ගයේ දී ඊයේ (25) අලුයම 2.00 ට පමණ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූහ.
සුජිත් හේවාජුලිගේ
0 Comments