sanath-nishantha-self-speaks

හදිසි අනතුරකින් දිවියෙන් සමුගත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මීට මාස කිහිපයකට පෙර යූටියුබ් නාලිකා වැඩසටහනකට එක්වෙමින් සිය පුද්ගලික තොරතුරු බෙදාගත්තේය. ඔහු එහිදී මෙසේ කියා සිටියේය.

“මගෙ සම්පූර්ණ නම කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා. උපන්නෙ හැත්තෑපහේ මැයි මස තුන් වෙනිදා.
ඉපදිලා තියෙන්නේ ආරච්චිකට්ටුව නිවසේ. ඉස්පිරිතාලෙ නෙවෙයි. අපේ පවුලේ පස් දෙනාගෙන් 4 දෙනෙක් එහෙම තමයි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. එයා ඇත්තටම ජාඇල දෙහියගාත ප්‍රදේශයේ තමයි අපේ ප්‍රදේශය ඇවිල්ලා තියෙන්නේ. අර ගං කැලෑ කොටා ගෙනල්ල පදිංචි පවුල් කියලා කියන්නෙ අපෙ අම්මාගේ උපන්ගම ආරච්චිකට්ටුවයි. අම්මාගේ තාත්තා පිළියන්දල පොල්ගස්ඕවිට අම්මාගේ අම්මා මීගමුවේ  කටුවාපිටිය. බෝම්බ පුපුරපු දේවස්ථානයේ තාප්පෙ එක්ක තියෙන්නෙ අම්මලාගේ මහගෙවල්.
සහෝදර සහෝදරියෝ ගත්තම මගේ ලොකු අක්කා මෙහේ ඉන්න කාලේ ටීචර් කෙනෙක් එයාගේ මහත්තයා ඉලෙක්ට්රිකල්
ඉංජිනියර්.

දැන් ඇත්තටම කැනඩාවේ පදිංචිය. දරුවෝ තුන්දෙනාම කැනඩාවේ ඒ තුන්දෙනාම විවාහ වෙලා. එතකොට මගේ ලොකු අයියා එයා දැනට ලංකාවේ ඉන්නවා. එයා ඉස්සන් ගොවියෙක්. දෙවැනියා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ එයත් ඉස්සන් ගොවියෙක්. සුමිත් කපිල කියලා මගේ අයියා කෙනෙක් හිටියා එයාව නමසිය අනූ නාමයේ දෙසැම්බර් 20 වැනිදා වෙඩි තියලා ඝාතනය කළා මැතිවරණය අතරතුර. තුන් වෙනි අයියා තමයි ප්රාදේශීය සභාපති ජගත් සමන්ත.
මං ගත්තහම. මං විවාහ වෙලා තියෙන්නේ චමරි පෙරේරා ඇය නීතිඥවරියක් එතකොට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. දුවලා තුන්දෙනයි බාලම පුතාට අවුරුදු පහමාරයි. එයත් මං වගේම සයිකල් පදිනවා. ඉස්කෝලේ යන්නෙ රෝයල් එකට. දුවලා තුන්දෙනා විශාකා එකට යන්නේ ලොකු දුවට අවුරුදු 12 යි. අනිත් එක්කෙනාට 10 යි. අනිත් එක්කෙනාට 8 යි.
 දුවලා තුන් දෙනාම සංගීතය ඉගෙන ගන්නවා.. අධ්යාපනය හොඳටම කරනවා චමරි ඇත්තටම එයා උසාවි යනේක කැප කරලා දරුවෝ වෙනුවෙන් වැඩ කරනවා.
චමරි පෙරේරා නීතිඥවරියක් ඇය හම්බුනේ මාදම්පේ සෙබස්තියන් දේවස්ථානයේදි. බිරිඳත් ඒ පැත්තෙමයි.
 චමරි අපී පල්ලියදී මුණගැහුණා. එතැනින් පස්සේ එයා නීති ශිෂ්‍යාවක් හැටියට විශ්වවිද්යාලයේ ඉන්නකො අපි දේශපාලනය කරද්දී නඩු වැඩවලට උසාවියට යනකොට උසාවියේ දී නිතර මුණ ගැහුණා.
ඒක ආදරයක් බවට පත් වෙච්ච සුන්දර කතාවක් දවසක මම මෙහෙම ඉන්නවා. එයා එහා පැත්තේ සීට් එකේ වාඩි වෙලා ඉන්නවා.. දවසක් එයාගෙ පෑනක් වැටුනා. කකුල් දෙක ගාව නැමිලා පෑන ගන්න හැදුවා. මං ඔලුව අතගාල සුවපත් වේවා කියලා කිව්වා. ඒ විහිලුව එක්ක ආදරය පටන් ගත්තේ .
මම ඒ වෙනකොටත් පළාත් සභා මන්ත්රීවරයෙක්. පසුව වැඩි කාලයක් කොළඹ විශ්වවිද්යාලයේ ගතකෙරේ. ජනතා සේවය පැත්තකට දාලා අපි ආදරේ කරන්න පටන් ගත්තා. එතනින් පස්සේ විවාහ වුණා.

ඉස්කෝලෙ ගියේ  මූලික අධ්‍යාපනය රාජකදළුව රෝමානු කතෝලික විද්යාලය එතැනින් පස්සේ ආරච්චිකට්ටුව රජයේ විද්යාලයේ වැඩිදුර අධ්යාපනය සඳහා සෙන් මේරිස් කොලේජ් එක. ශාන්ත මරියා පිරිමි විද්යාලයේ.


 උසස් අධ්යාපනයක් ඊට එහා ලැබුවෙ නැහැ.
ඇත්තටම මට උසස් අධ්යාපනය කරන්න අවශ්යතාවක් තිබුණා. නමුත් අපේ සමාජය විසින් අපිව තල්ලු කරලා තිබිච්ච තැනක් තිබුණා. 1977
 එවකට ආණ්ඩු පෙරළියත් එක්ක මගේ තාත්තගේ නිවාස ගිනි තියලා යාන වාහන ගිනි තියලා ඉඩකඩම් අල්ලලා ජයග්රහණය කරපු අය අතරේ බෙදලා දීලා තාත්තා අසනීප වෙලා හැත්තෑ හතේ මේ සිද්ධිය වෙන්නෙ. 1986 වෙනකොට තාත්තා හොඳටම අසනීප වෙලා නඩු හැබ වල පැටලිලා අවසානයේදී එයා සියදිවි හානි කරගත්තා. සියදිවි හානි කරගන්න තැනට වැඩ සිදුවුනාට පස්සේ.

ඒ වෙනකොට අපි දේශපාලනය කරන්න ඕනේ කියලා පරිසරයක් හැදිලා තිබුණා. තාත්තා එහෙම වුණේ තාත්තා මන්ත්රීවරයෙක්. වෙලාවත් ගම් සභාව මැම්බර් මහත්තයෙක් වෙලාවක් නෙමෙයි. එයා එවකට එස් ටී ආර් ජයරත්න මැතිතුමාගේ ප්රබල ආධාර කාරයෙක් හැටියට උදව් කරා කියපු එකේ ප්රතිඵලයක් හැටියට තමයි මේක සිද්ධ වුණේ එතැනින් පස්සේ.

අපි එක පැත්තකින් අධ්යාපනය ලබනවා. අනෙක් පැත්තෙන් ගෙදර ආර්ථික අපහසුතා තියෙන නිසා මම පුංචි පුංචි ව්යාපාර ටිකක් කළා වැඩ.
ඒ ව්යාපාරත් එක්ක අපි මේ වැඩ ටික කරන්න ගියා. පාසල් යන කාලේ ඉඳලා මම ව්යාපාර කටයුතු කෙරුවා. ස්ටැන්ලි මුදලාලිගේ පුත්තු කියල අපට කිව්වෙ ආරච්චිකට්ටුවේදී ලොකු සල්ලිකාරයෙක් තාත්තා.තාත්තා අසනීප වීමත් එක්ක අපි ආර්ථික වශයෙන් වැටිලා නඩු හබ වැටිලා. ඊට පස්සේ පොලියට සල්ලි අරගෙන එහෙම ලොකු ප්රශ්නෙක හිටියා. ඒක තමයි අපේ ජීවිත වෙනස් කරේ. තාත්තට තිබුණ ඉතිරිවෙච්ච ඉඩකඩම් විකුණලා තමයි ව්‍යාපාර පටන් ගත්තේ.

පොඩි තැනකින් පටන් ගත්ත ව්යාපාරයක්  උනාට පොලිටික්ස් එක්ක ජීවිතේ ගිහිල්ල තියෙන්නේ. දේශපාලන සම්බන්ධතා දේශපාලන හයිය තිබ්බේ නැත්තං ඔය වැඩේ සාර්ථක කරන්න මට මෙච්චර දුරක් එන්න බැරිවෙයි. මම ඇමතිවරයා හැටියට කතා කරලා කිව්වම මට ඉස්සෝ කෑම ටිකක් එවන්න කියලා ඉස්සෝ පැටව් ටිකක් එවන්න කියලා. ඒක වෙනවා.
අනිත් පැත්තෙන් අපි බැංකුවකින් ණයක් ගන්න ගියාම සාමාන්ය කෙනෙක් ගන්නවා වගේ නීති නැහැ. අප රටේ පිළිගැනීමක් තිබෙන ලෙසට එය සිදුවෙනවා.
බැංකුව දන්නවා මන්ත්රීවරයෙක් රාජ්ය ඇමතිවරයෙකු අප මුදල් අරන් බැංකුවට පොලු තියන්නේ නැහැ. මට එහෙම බැංකුවේ විශ්වාසය කඩාගෙන වැඩක් නැහැනේ. මං අපිට ගමන යන්න බෑනේ ලොවට ඒක ලොකු හයියක් ලොකු රුකුලක් වුණා.

 මම අද මේ වෙනකොට අක්කර දෙසීයක විතර ගොවිපල හිමිකරුවෙක්. සමහර ඒවා පුද්ගලිකව මගේ තියෙනවා. සමහර රජයේ බදු අරගෙන තියෙනවා.“