sara-fergusen-cancer

එංගලන්තයේ යෝර්ක්හි ආදිපාදවරිය වන සාරා ෆර්ගියුසන්හට සමේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇත.
 සාරා ෆර්ගියුසන්හට,  සමේ පිළිකා වඩාත් ආක්‍රමණශීලී සමේ පිලිකා ප්‍රෙභ්දයක් වන මාරාන්තික මෙලනෝමා රෝගය වැළඳී ඇති බව එක්සත් රාජධානියේ පුවත්පත් සංගමය (PA) වාර්තා කළේය.



ජුනි මාසයේදී පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමෙන් පසුව මෙම රෝගය අනාවරණය වූ බව PA පැවසීය.

යෝර්ක්හි ආදිපාදවරිය වන සාරාට , ගිම්හානයේදී පියයුරු පිළිකාවක් ඇති බවට රෝග විනිශ්චය කිරීමෙන් ටික කලකට පසුව, මාරාන්තික මෙලනෝමා රෝගයද වැළදී ඇති බව හඳුනාගෙන ඇත.

සාමාන්‍ය මැමෝග්‍රෑම් පරීක්‍ෂණයකින් පසුව,  2023 වසරේ දී ෆර්ගසන්ට පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගෙන ශල්‍යකර්මයකට භාජනය විය.



64 හැවිරිදි ඇය සිය පවුලේ පිරිස සමග  නිවසේ  සුවය ලබමින් සිටින අතර , ඇය “යහපත් මානසිකත්වයෙන්” සිටින බව PA වාර්තා කරයි.

මෙලනෝමා යනු සමේ වර්ණය හෝ මෙලනින් ලබා දෙන සෛල තුළ වර්ධනය වන සමේ පිළිකා වර්ගයකි. සමේ පිළිකාවේ බරපතලම ස්වරූපය ලෙස සැලකෙන්නේ එය ඉක්මනින් ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිරී මාරාන්තික විය හැකි බැවිනි.

සියලුම වර්ගයේ සමේ පිළිකා සඳහා හිරු එළියට නිරාවරණය වීම ප්‍රධාන අවදානම් සාධකය වේ. ලප කැළැල් ඇති හෝ පිළිස්සෙන පැහැපත් සමක් ඇති පුද්ගලයන් හටද මෙම රෝගයේ අවදානම වැඩිවේ.