shashindra-lohan-minister-posts

ළඟ එන මැතිවරණය ඉලක්කකර දේශපාලන කණ්ඩායම් සමීප කරගැන්මේ උපායයක් ලෙස තවත් ඇමති ධූරයක් අද නම් කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (31) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි ඒ මහතා මෙලෙස දිවුරුම් දෙනු ලැබීය.

මින් ඉහත පසුගිය 29 වනදා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.