පසුගිය සිකුරාදා පවත්වන්නට යෙදුණ ඔස්ට්‍රේලියානු දින සැමරුම් අතරතුර පර්ත් නුවරදී කලබලකාරී තත්වයක් ඇතිවිය. තරුණයින් පිරිසක් අතර බහින්බස්වීමකින් ඇරඹී බොහෝ ගණනක් මිනිසුන් ප්‍රචණ්ඩකාරී ගැටුමකට සම්බන්ධවූ උනුසුම් මුහුණුවරකට ගැටුම වර්ධනය විය.
සිකුරාදා දිනයේ දී මෙම නොසන්සුන්තාව ඇතිවන විට අධික උණුසුම් උෂ්ණත්වයක් පැවති අතර මොස්මන් උද්‍යානය අසල රොකී බොක්කෙහි බෝට්ටු 20 කට වඩා නවතා තිබුණි.
සමාජ මාධ්‍ය වෙත බෙදා හරින ලද වීඩියෝවක දැක්වෙන්නේ, සාදයට ගිය පිරිස එකිනෙකා සමඟ පොරබදද්දී එක් මිනිසෙකු වතුරට තල්ලු කරන ආකාරයයි. ප්‍රචණ්ඩකාරී ගැටුමේදී විශාල පිරිසක් එකිනෙකාට පයින් ගසමින්, පහර දෙමින්, තල්ලු කරන අයුරු දැත්වෙන කම්පන සහගත දර්ශන වීඩියෝවේ දැක්වේ.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දහස් ගණනක් නැරඹුම් ලබා ඇති අතර, විචාරකයින් සටන දෙස සැහැල්ලුවෙන් බලා ඇති බව පෙනේ.
නව යොවුන් වියේ පසුවන පනහක් පමණ සම්බන්ධ මෙම සිදුවීම, කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අවසන් විය.
ගැටුම ආරම්භ වූයේ සවස 4 ට පමණ වන අතර, පොලිසිය යෞවනයන් පසුපස හඹා යන අයුරු දැක්වෙන දර්ශන වාර්ථා විය.
තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් ගම්මිරිස් ඉසින ලද බවද වාර්තා වේ.
පොලිසිය විසින් නව යොවුන් වියේ පසුවූ තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා Manly පොලිස් ස්ථානයට රැගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව දන්වා ඇත.
0 Comments