siripanyo-thera
යාපනයේ උපන් මැලේසියාවේ ජීවත්වන කෝටිපති ව්‍යාපාරික ආනන්ද ක්‍රිෂ්ණන්ගේ 18 හැවිරිදි පුතු සිරිපන්යෝ පැවිදි දිවියට පිවිස සිටී. ඒ පියාගෙන් උරුම වී තිබුණු කෝටි ගණනක ව්‍යාපාර සහ වත්කම් ද අත්හරිමිනි.




ආනන්ද ක්‍රිෂ්ණන්ගේ මැලේසියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු වසර 40 ක් තිස්සේ මැලේසියාවේ ජීවත්වන අතර, ඔහුගේ ධනය ඇමෙරිකන් ඩොලර් කෝටි 500 කි. ආනන්ද ක්‍රිෂ්ණන්ට ඉන්ධන පිරවුම්හල් ජාලයක්, දුරකතන සමාගම් ජාලයක්, රූපවාහිනී ආයතනයක් සහ චන්ද්‍රිකා පද්ධතියක් ද හිමිය. සිරිපනේයෝ පැවිදි වීමට තීරණය කිරීමත් සමඟ, ආනන්ද ක්‍රිෂ්ණන්ගේ දෙවැනි පුතුට තම ව්‍යාපාරික කටයුතු බලා ගැනීම පැවැරෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.සිරිපනේයෝ පැවිදි වීමෙන් පසු තායිලන්තයේ තාවෝ දූම් ආරාමයට ගොස් එහි සිට ධර්ම කටයුතුවල නිරත වනු ඇතැයි ද පැවැසෙයි.