
ශ්‍රී ලංකන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සඳහා තවත් නවතම ඒ- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා 01/17 දින පැවසීය. ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නව ගුවන් යානය 01/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර,
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ.
පුළුල් බඳ සහිත මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240ක් ඇති අතර, එය ඇන්ජින් දෙකකින් බලගැන්වෙන බව දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම නව ගුවන් යානය 01/17 දින අලුයම 12.36ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 563 ගුවන් ගමන් අංකය යටතේ ප්‍රංශයේ පැරිස් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර, එය මෙරට වේලාවෙන් 08.05ට පැරිස් ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබුණි. ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණදෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම් වලට යම් මට්ටමක විසඳුමක් ලෙස මෙම නව ගුවන් යානය පැමිණීමෙන් අත්වීමට නියමිතය.
කටුනායක ටී.කේ.ජී. කපිල

Comments
Post a Comment
Your comment will be visible after approval