sydney-shark-attack

ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් සවස්වරුවේ දිය නෑමට ගොස් සිටියදී මෝරෙකුගේ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ඇත.
මෙසේ ප්‍රහාරයට ලක්වී තිබෙන්නේ 29 හැවිරිදි වියේ පසුවූ Lauren O'Neill නැමැත්තියකි.
සිඩ්නි වරායේ පෞද්ගලික වාප්පුවක් අසලදී මෙලෙස ඇගේ කකුල සපා කෑමට ලක්වී ඇත.

අනතුර සිදුවූ විට  ඇය උදව් ඉල්ලා කෑගසා තිබු අතර ප්‍රදේශවාසීන් ප්‍රථමාධාර රැගෙන පැමිණ සිටි බව වාර්තා වෙයි.

පසුව ඇයව රෝහල් ගත කර ඇති අතර ,මේ වන විට ඇය බරපතල තත්වයක නමුත් ජිවිත අනතුරක නැත.

සපාකෑම් සලකුණු වල ඡායාරූප වලට අනුව ඇයව සපා කා ඇත්තේ මෝරෙකු බව බලධාරීහු විශ්වාස කරති.



සිඩ්නි වරාය එම මෝරන් සදහා ප්‍රසිද්ධ ස්ථානයක් වන නමුත් මෙලෙස දැඩි අනතුරු පෙර සිදුව නැත.

අසල්වැසි මයිකල් පෝටර් පවසා ඇත්තේ දේශීය වේලාවෙන් 20:00 ට පමණ (GMT 09:00) ඔහුගේ ජනේලයෙන් පිටත උදව් ඉල්ලා කාන්තාවක් කෑ ගසන හඩක් ඇසුන බවයි.

එවිට ඔහු O'Neill මහත්මිය දැක තිබු අතර ඔහුගේ සදහනට අනුව ඇය එලිසබෙත් බොක්ක, නගරාන්තර තදාසන්න ප්‍රදේශයේ සාප්පුවක  ඉණිමඟක එල්ලී සිටුනු දුටු බවත්,ඇය ඉන්  ඇතුළට නැගීමට උත්සාහ කරමින් සිටි බවත්,ඇගේ කකුල සම්පූර්ණයෙන්ම විවෘතව තිබූ අතර එය ලේ වලින් පිරි තිබු බවත් සදහන් කර ඇත.


සැනින් පශු වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිද ක්‍රියාත්මක වී දිවගොස්  ලේ ගැලීම වැළැක්වීම සඳහා ටෝනිකට් එකක් යෙදු බව එහි  ප්‍රදේශවාසීන් විස්තර කර ඇත.



ඇය මුලික ප්‍රථමාධාර ලබාදුන් බවත් ඒ වන විටත් අස්ථිය කැඩී තිබු බවත් වාර්තා වල සදහන්ය.

තවත් අයෙක් පවසා ඇත්තේ ඔවුන් නිතරම ජැටියට යටින් මෝරුන් පිහිනන ආකාරය දකින බවයි.

මෑතකදී නොවුවද මිට වසර කිහිපයකට පෙර මෝරුන්ගෙන් මෙලෙස විශාල අනතුරක් සිදුව ඇත්තේ 2009 වර්ෂයේ වන අතර ප්‍රහාරයට ලක්වුයේ හිටපු නාවික හමුදා කිමිදුම්කරුවෙකු වන පෝල් ඩි ගෙල්ඩර් ය.

ප්‍රහාරයෙන් ඔහුට අතක් සහ පාදයක් අහිමි විය.

කෙසේනමුත් එක්සත් ජනපදය හැරෙන්නට ඕස්ට්‍රේලියාව අනෙකුත් රටවල් වලට වඩා මෝර ප්‍රහාර වැඩි වන අතර එහි  මාරාන්තික ප්‍රහාර දුර්ලභ බව හදුනාගෙන ඇත.

සංඛ්‍යා ලේඛන  වලට  අනුව 2023 දී මෝර ප්‍රහාර 14 ක් සිදුවී ඇති අතර ඉන් හතරක් පමණක්  මාරාන්තික විය.