thangalle-incident

තංගල්ල මූලික රෝහලේ දී දරු­වෙක් ප්‍රසූත කළ මවක් මුහු­දට පැන ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇති බව තංගල්ල පොලි­සිය පව­සයි.

තංගල්ල ධීවර වරාය ආස­න්නයේ තිබී කාන්තා මළ සිරු­රක් ඊයේ (28) හමු වී ඇත. එම මිය ගිය කාන්තාව රන්න තලුන්න ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­ණි­යක් වන අතර ඇය තංගල්ල මූලික රෝහ­ලට දරු­වෙක් ප්‍රසූත කිරී­මට ඇතු­ළත් කර ඇති බව ඥාතීහු පව­සති.

මිය ගොස් සිටින කාන්තාව දරුවා ප්‍රසූත කිරී­මෙන් පසුව බිලිඳා නොමේරූ ළදරු ඒක­ක­යට යොමු කර ඇති අව­ස්ථාවේ දී මව රෝහ­ලෙන් පිටවී තංගල්ල ධීවර වරාය අසල මුහු­දට පැන දිවි නසා ගෙන ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි පොලි­සිය පව­සයි. මෙසේ ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත්තේ රන්න තලුන්න ගනේ­විල පදිංචි කපුගේ සන්දිපා රුවනි තාරකා (32) තරුණ මවකි.

තංගල්ල මූලික රෝහලේ 10 වාට්ටුවේ නේවා­සි­කව සිටි මෙම කාන්තාව දරුවා ප්‍රසූත කිරි­මෙන් පසුව පහළ නොමේරු ළදරු ඒක­කයේ තබා ඇති අතර කාන්තාව 10 වාට්ටුවේ සිටි බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් තංගල්ල මූල­ස්ථාන පොලි­සිය පරී­ක්ෂණ සිදු කරති.

සනත් ගමගේ