uk-cold-weather

2010 වසරේ සිට මේ දක්වා වූ ජනවාරි මාසයන්හී ශීතලම රාත්‍රිය,  අඟහරුවාදා දිනය විය හැකි බව බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
අනතුරු ඇඟවීමට අනුව, ස්කොට්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය -15C දක්වා අඩු විය හැක.

කටුක තත්ත්වයන් සහ සැලකිය යුතු හිම පතනයක් දැනටමත් ස්කොට්ලන්තයේ සහ උතුරු එංගලන්තයේ පාසල් වසා දැමීමට හේතු වී ඇති අතර ගමනා ගමනයටද  බාධා ඇති කර තිබේ.

මෙම සති අන්තයේ ඇති විය හැකි කුණාටු සහිත කාලගුණයට පෙර, අයිස් සහ හිම සඳහා කහ අනතුරු ඇඟවීම් එක්සත් රාජධානියේ රටවල් හතරේම බලාත්මක විය.

ශීත කාලගුණය දිගටම පවතින බැවින් සිකුරාදා අවසන් වන විට, වයඹ-බටහිර ස්කොට්ලන්තයේ උස් බිම්වල සෙන්ටිමීටර 40 කට වඩා වැඩි හිම පතනයක් දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

යම් හිරු රශ්මියක් ඇති වුවද, හිම, හිම සහ වර්ෂාව එක්සත් රාජධානියේ උතුරු ප්‍රදේශ ආවරණය කරමින් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි ශීතකරණ තත්ත්වයන් මුළු රටේම පාහේ පවතිනු ඇත.

අඟහරුවාදා දිනයේ දී කාලගුණ කාර්යාලය සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියේ ,  "අද රාත්‍රියේ දී ස්කොට්ලන්තයේ හිමෙන් වැසුණු ප්‍රදේශවල උෂ්ණත්වය -15C තරම් අඩුවෙන් පහත වැටෙනු ඇති අතර,

මෙය වසර 14 කට පසු පවතින ශීතලම ජනවාරි රාත්‍රිය විය හැකිය. මෙය ශීත ඍතුවේ ශීතලම රාත්රිය බවට පත් කරනු ඇත." යනුවෙනි.

මෙම ශීත ඍතුවේ මෙතෙක් වාර්ථා වූ අඩුම උෂ්ණත්වය දෙසැම්බර් මුලභාගයේ දී  Altnaharra ප්‍රෙද්ශයෙන් වාර්ථා වූ අතර, එම අගය   -12.5C කි.  2010 ජනවාරි මාසයේදී -22.3C ක් වූ උෂ්ණත්ව අගයක් ස්කොට්ලන්ත හයිලන්ඩ්ස් ගම්මානයේ වාර්තා විය.

ස්කොට්ලන්තයේ කාලගුණයේ නරකම කාලගුණය දැකගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, උස් බිම් මතට සෙන්ටිමීටර 10 (අඟල් හතරකට ආසන්න) හිම පතනය වේ.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය මේ සතියේ එංගලන්තය සඳහා ඇම්බර් සීතල කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.  එයින් අදහස් කරන්නේ , NHS අමතර පීඩනයකට ලක් වනු ඇති බවත්,  වැඩිහිටි පුද්ගලයින් වැඩි අවදානමකට ලක්විය හැකි බවත්ය.

මෙම සතියේ ආක්ටික් ප්‍රදේශයෙන් හමා එන අයිස් සහිත සුළං නිසා , වසරේ මෙම කාලය සඳහා වන සාමාන්‍ය උෂ්ණත්ව අගයට වඩා, උෂ්ණත්වය 5C සිට 6C දක්වා පහත වැටීමක් දක්නට ලැබේ.

කාලගුණ දෙපාර්තමේන්තුව බදාදා සඳහා කහ කාලගුණ අනතුරු ඇඟවීම් දෙකක් නිකුත් කර ඇත.  ඉන් එකක්  සවස් කාලයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා උතුරු අයර්ලන්තය පුරා අයිස් සඳහා අනතුරු ඇඟවීමක්  වන අතර , අනෙක මධ්‍යම රාත්‍රිය දක්වා උතුරු වේල්ස්, එංගලන්තය සහ ස්කොට්ලන්තයේ සමහර ප්‍රදේශවල හිම සහ අයිස් අනතුරු ඇඟවීමක‍ි.

හිම සහ අයිස් සඳහා තවත් කහ අනතුරු ඇඟවීම් තුනක් බදාදා උතුරු අයර්ලන්තය, උතුරු වේල්සය, උතුරු එංගලන්තය සහ මුළු ස්කොට්ලන්තය පුරා  සිදු කරන ලදී.

බ්‍රහස්පතින්දා ඉදිරිපත් කළ හිම සහ අයිස් අනතුරු ඇඟවීම් දෙකක් මගින්, එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ ඇතැම් නැගෙනහිර ප්‍රදේශ සහ උතුරු අයර්ලන්තයේ දකුණු ප්‍රදේශ හැර, අනෙක් ප්‍රදේශ බොහෝමයක් ආවරණය කරයි.

අඟහරුවාදා ස්කොට්ලන්තයේ පාසල් 100කට වැඩි ප්‍රමාණයක් සහ මර්සිසයිඩ් හි පාසල් බොහෝ  ප්‍රමාණයක් වසා දැමීමත් සමඟ , එක්සත් රාජධානිය සති අන්තය දක්වා උප-ශුන්‍ය උෂ්ණත්වයක් පෙන්නුම් කරයි.

ෂෙට්ලන්ඩ් හි සියලුම පාසල් වසා දමා ඇති අතර , හයිලන්ඩ්ස් හි පාසල් 50 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති අතර ඇබර්ඩීන්ෂයර් හි ඇතැම් ස්ථාන වලටද මෙම තත්වය බලපා ඇති නමුත් එහි ඇතැම් පාසල් නැවත විවෘත කර ඇත.



ස්කොට්ලන්තයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් හී  සඳුදා දිනයේ දී  "විශාල  හිම  ප්‍රමාණයක්" දැකිය හැකි වූ අතර,  ඇබර්ඩීන් ගුවන් තොටුපලේ 15 සෙ.මී. ක් පමණ හිම ප්‍රමාණයක් දැකිය හැකි විය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාලගුණ විද්‍යාඥ ඇන්ඩි පේජ් විසින් හිම කුණාටු තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවා තිබේ.

දේශ සීමාවට දකුණින් ඇති ලිවර්පූල් කවුන්සිලය පැවසුවේ,  අඟහරුවාදා දිනයේ දී කාලගුණය “පුළුල් බලපෑමක්” ඇති කර ඇති බවත්,  පාසල්, රෝහල් සහ ප්‍රවාහන මධ්‍යස්ථාන අවට හිම ඉවත් කිරීමට කාර්ය මණ්ඩලය යොදවා ඇති බවත්ය.

දුම්රිය ගමනාගමනයට සතිය පුරාම බාධා ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

සීත කාලගුණය අඟහරුවාදා පාපන්දු කාලසටහනට බලපෑවේ,  ඕල්ඩ්හැම්, හැලිෆැක්ස්, සවුත්එන්ඩ්, වෝකිං සහ යෝර්ක් හි ජාතික ලීග් තරඟ මෙන්ම ලීග් ටූ හි මෑන්ස්ෆීල්ඩ් එදිරිව ෆොරස්ට් ග්‍රීන් රෝවර්ස් හි පැවති ජාතික ලීග් තරඟ ද පැවැත්වීමට නියමිතව තිබියදීය.

සීතල කාලගුණය හේතුවෙන් පවුල් සඳහා පවුම් 25ක ගෙවීමක් සිදු කරන අතර, සම්පූර්ණ සතියක් සඳහා උෂ්ණත්වය බිංදුවට වඩා අඩු අගයක් අපේක්ෂා කරන තැපැල් කේත 220කට වඩා වැඩි ප්‍රමාණයකින් ක්‍රියාත්මක වේ.

උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ යාමට පටන් ගන්නා විට ස්කොට්ලන්තයේ හිම කඳුකරයට සීමා වීමට පටන් ගනී. එසේම සීතල කාලගුණයට අකමැති පිරිසට, මෙම සති අන්තයේ කාලගුණය වඩාත් මෘදු වන බැවින් විශාල වෙනසක් සිදුවනු ඇති බව විශ්වාස කරයි.

මෙම වෙනස සිදු වන අවස්ථාවේ දී ඇතැම් විට කඩාකප්පල්කාරී සුළං සමඟ ඇති වන අධික වර්ෂාපතනයක් ද නැවත පැමිණෙනු ඇති බවට අනතුරු ඇගවීම් ඇත.

අඟහරුවාදා සවස්  කාලයේ දී ගංවතුර අනතුරු ඇඟවීම් 20 සිට  65 දක්වා ප්‍රමාණයක් එංගලන්තයේ ක්‍රියාත්මක වේ.