uk-covid19-jn1
මේ වන විට එක්සත් රාජධානියේ කොරෝනා රෝගීන්ගේ විශාල වැඩිවීමක් වාර්තා වන අතර වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.රෝහල්ද රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.

ඩේලි ස්ටාර් වාර්තා කළේ රටේ මෙම තත්ත්වය මත තමන්ව ආරක්ෂා කරගැනීම සදහා  NHS හෙදියන් විසින් මුහුණු ආවරණ පැළදීම ඉල්ලා ඇති බවයි.
කෙසේ වෙතත්, නව සංඛ්‍යාලේඛන අනුව රෝහල්ගතවීම්වල තියුණු වැඩිවීමක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කිරීමෙන් පසු ජනතාව ආරක්ෂණ ක්‍රියාමාර්ගවලට යොමුවී ඇත.

මෙම වැඩිවීමට හේතු වී ඇත්තේ පසුගිය මාස දෙක තුළ ලොව පුරා පැතිර ගිය Covid හි JN.1 ප්‍රභේදය එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල ව්‍යාප්තව පැවතීමයි.



එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ නවතම දත්ත වලට අනුව, පසුගිය දින හත තුළ, දෙසැම්බර් 27 දක්වා  නව රෝහල්ගතවීම් 598 ක වැඩිවීමක් වාර්තා වී ඇති අතර එය පෙර දින හතට සාපේක්ෂව 18.7% ක වැඩිවීමක් ලෙස ගණන් බලා ඇත
එම සතියේ සමස්ථ රෝගීන් සංක්‍යාව  3,800 කි.
එසේම මරණ 13 කින් වැඩි වීමක් ද සිදුව ඇත.
කෙසේනමුත් මේ සතිය වන විට 7,862 ක් වාර්තා වී ඇති අතර එය පෙර සතියට වඩා 813 ක පහත වැටීමක් ලෙස පෙන්වා ඇත.



ජනවාරි 3 වන විට, එක්සත් රාජධානියේ දින හතක කාල සීමාවක් තුළ 100,000 සඳහා රෝගීන්ගේ අනුපාතය  14.83 සිට 13.31 දක්වා පහත වැටි තිබු අතර  මෙය නත්තල් දිනට දින දෙකකට පෙර වාර්තා වූ 16.13 ට වඩා ක්‍රමානුකුල  පහත වැටීමකි.

පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇත්තේ සියලුම සෞඛ්‍ය පහසුකම් ,මුහුණත් ආවරණ ක්‍රියාත්මක කරන ලෙසත් සැක සහිත සහ තහවුරු කරන ලද COVID-19 රෝගීන් රැකබලා ගන්නා සෞඛ්‍ය සේවකයින් සඳහා ශ්වසන යන්ත්‍ර සහ වෙනත් පුද්ගලික ආරක්ෂක උපකරණ ද හඳුන්වා දෙන ලෙසත් ය.


මෙයට රාජකීය හෙද විද්‍යාලයේ ප්‍රධානීන් විසින් මුලිකත්වය ලබා දුන් අතර ඔවුන් එංගලන්තයේ, වේල්සයේ, ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ හෙද නිලධාරීන්ට මෙන්ම එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියට ද මේ තත්ත්වය සදහා නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිට ඇත.