university-chancellor-fired-for-making-porn-videos-with-wife-being-offered
ඇමරිකාවේ විස්කොන්සින් හි හිටපු විශ්ව විද්‍යාල කුලපතියෙකු තම බිරිඳ සමඟ “වීගන් ඉවුම් පිහුම්” නමින්  කාමුක දර්ශන සෑදීම නිසා ඔහුව සේවයෙන් පහ කළ බවට වාර්තා වී ඇත.ඔහු Wisconsin-La Crosse විශ්වවිද්‍යාලයේ වසර 17 සේවය කරමින් සිටි අයෙක් වේ.Joe Gow නම් ඔහු මේ වන විට  63 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ බිරිද Carmen Wilson 56 හැවිරිදි වියේ පසුවෙයි.



ඔවුන් දෙදෙනා එක්ව අසභ්‍ය දර්ශන වීඩියෝ පට සෑදීම අනාවරණය වීමත් සමඟ දෙසැම්බර් මාසයේදී තමා සේවයෙන් පහ කළ බව Joe Gow ප්‍රකාශ කර ඇත.



Gow and Wilson's YouTube channel ලෙසින් නම් වූ Sexy Healthy Cooking හි වැඩිහිටි චිත්‍රපට නළුවන් සමඟ වීගන් ආහාර පිසීම,අසාමාන්‍ය ලිංගික දර්ශන වැනි අන්තර්ගතයන් හේතුවෙන් ප්‍රේක්ෂක රසකාමිත්වය දිනා ඇත.

කෙසේනමුත් යූ ටියුබ් හෝ ඔවුන්ගේ එක් වෙබ් අඩවියක ඔහු සහ ඔහුගේ බිරිඳ හඳුනා ගැනීමෙන් පසු යමෙකු විශ්ව විද්‍යාලයට දැනුම් දී ඇති බව Joe Gow පවසා ඇත.

ඔවුන් 2014 දී විවාහ වූ දා සිට වීඩියෝ සෑදීම විනෝදාංශයක් වූ අතර ඔවුන් මාස කිහිපයකට පෙර ඔවුන්ගේ පළමු වීඩියෝව අන්තර්ජාලයට ඇතුළත් කර ඇත.

Carmen Wilson ප්‍රකාශ කලේ වීඩියෝ ඉක්මනින් ජනප්‍රිය වූ බවත්,මිලියනයකට වඩා එය නැරබු බවත් ය.



නමුත් මෙය පවුලේ අය දැනුවත් වූ පසු අප්‍රසාදය පල කල බවද Joe Gow  පවසා ඇත.

ඔහු පුවත්පතට පවසා ඇත්තේ තමා කළ දෙය සිත් ඇදගන්නාසුලු බවත්, මීට පෙර ඔහුව  කවුරුත්  අගය කළ කෙනෙක් වූ අතර දැන් ඔහු  නින්දා විදින  කෙනෙක් බවට පත්වූ බවත් ය.

කාමුක දර්ශන කර්මාන්තයේ වැඩ කිරීම පිළිබඳ අන්වර්ථ නාමයෙන් පොත් කිහිපයක් ද මොහු ලියා ඇත.

Gow පවසා ඇත්තේ  කාමුක දර්ශන ශාස්ත්‍රීය මට්ටමින් සාකච්ඡා කරනු දැකීමට තමා කැමති බවත්,මේ ගැන විවෘත මනසක් ඇති අනෙකුත් විශ්ව විද්‍යාල සමඟ කතා කිරීමට ඔහු ඉතා උනන්දුවෙන් සිටින බවත් ය.

කෙසේනමුත් ඔහු අවසන් වශයෙන්ද ප්‍රකාශ කර ඇත්තේ බොහෝ විද්‍යාල සිසුන් අසභ්‍ය දර්ශන නරඹන බවත්,කාලයාගේ ඇවෑමෙන් එය විශිෂ්ට ශාස්ත්‍රීය දිශාවක් බව මිනිසුන් දකිනු ඇති බවත් , තව දුරටත් එය කතා නොකර  සිටීම ප්‍රායෝගික නොවන බවත් ය.