us-camp-attack

ජෝර්දානයේ හා සිරියාවේ දේශසීමාව ආසන්නයේ පිහිටි එක්සත් ජනපද කඳවුරකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වීමෙන් එක්සත් ජනපද සෙබළුන් තිදෙනෙකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්ථා වෙයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ , මෙම ප්‍රහාරය " ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම්" විසින් සිදු කරන ලද බවත්,  ප්‍රහාරය සදහා ඉක්මනින්ම "පිළිතුරු දෙන" බවත්ය.

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව,  ප්‍රහාරයක් හේතුවෙන් එක්සත් ජනපද හමුදා කලාපය තුළ සෙබළුන් මිය ගිය පළමු අවස්ථාව මෙයයි.

ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ජෝර්දානය පැවසුවේ, ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානයේ සිට නොව සිරියාවේ සිට බවයි.



මෙම කලාපයේ දී එක්සත් ජනපද කඳවුරුවලට වෙනත් ප්‍රහාර එල්ල වී ඇති නමුත්,  මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් කිසිදු හානියක් වාර්තා කර නොමැත. මෙම නවතම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.

ධවල මන්දිරය පැවසුවේ, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ අනෙකුත් නිලධාරීන් විසින් ප්‍රහාරය පිළිබඳව බිඩෙන් මහතා දැනුවත් කළ බවයි.

මියගිය සහ තුවාල ලැබූ සෙබළුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීමට නිලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙයි.

එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ,  අවම වශයෙන් හමුදා නිලධාරීන් 34 දෙනෙකුට පමණ මොළයේ තුවාල ඇති විය හැකි කම්පන සහගත තත්ව ඇති වී ඇති බවත්, තුවාල ලැබූ ඇතැම් සොල්දාදුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කඳවුරෙන් ඉවත් කර ඇති බවත්ය.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරීන් සහ ජනාධිපති බිඩෙන් පැවසුවේ , මෙම ප්‍රහාරය එල්ල වූයේ සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි ඊසානදිග ජෝර්දානයේ කඳවුරකට බවයි. ඇමෙරිකානු නිලධාරීන් විසින් එය Tower 22 ලෙස නම් කරන ලදී.



කෙසේ වෙතත් ජෝර්දාන රජයේ ප්‍රකාශකයෙකු වන මුහන්නාද් මවුබයිඩීන් පැවසුවේ , ප්‍රහාරය සිරියාවේ අල්-තාන්ෆ් කඳවුර ඉලක්ක කරගනිමින් සිදු කර ඇති  බවයි.

දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ ,  ඔක්තෝබර් 17 සිට මේ දක්වා ඉරාකයේ සහ සිරියාවේ පවතින එක්සත් ජනපද කඳවුරු ඉලක්ත කර ගනිමින් අවම වශයෙන් 97 වතාවක් පමණ ප්‍රහාර එල්ල වී ඇති බවයි.

පසුගිය මාසයේ උතුරු ඉරාකයේ පිහිටි කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් එක්සත් ජනපද සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා එක් අයෙක් ගේ තත්වය බරපතල තත්වයට පත් වීමත් සමග , ඉරානයට අනුබද්ධ කණ්ඩායම්වලට එරෙහිව එක්සත් ජනපදය ගුවන් ප්‍රහාර එල්ල කළේය.

ජනවාරි මස මුලදී එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රතිප්‍රහාර හේතුවෙන් මිලීෂියා නායකයෙකු මිය ගියේය.

  සම්මුඛ සාකච්ඡාවකදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් CQ බ්‍රවුන් පැවසුවේ, කලාපය තුළ ඇති "ගැටුම පුළුල් කිරීම"  ඇමරිකාවේ අරමුණ  නොවන බවත්, ඉලක්කය වන්නේ ඔවුන් වැලැක්වීම පමණක් වන බවත්ය.

ඉරානයේ පිටුබලය ලබන හූතිවරු කලාපයේ වාණිජ නැව්වලට පහර දීම ආරම්භ කිරීමෙන් පසු,  එක්සත් ජනපද සහ සභාග හමුදා  රතු මුහුදේ ස්ථානගත කර ඇත.