vehicle-import-restrictions-lifted

2020 වසරේ සිට ක්‍රියාත්මක වන වාහන ආනයන තහනම අර්ධ වශයෙන් ලිහිල් කිරීමට රජය සූදානම් බව First Capital Research පවසයි.



"මෙම පියවරත් සමඟ, එන්ජින් ධාරිතාව 1,000CC සහ 1,300CC සහිත කුඩා මෝටර් රථ සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙන“ බව ඔවුනගේ වාර්තාවක දැක්වේ.

කුඩා වාහන ආනයනය ලිහිල් කිරීමට පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් සීමිත ආදායම් එකතු කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකසන ලද දැඩි ආදායම් ඉලක්ක පසුබිමක ය.

"වාහන ආනයනය තහනම් කිරීමට පෙර, ශ්‍රී ලංකාව වාර්ෂිකව 350,000 කට වැඩි නව වාහන ලියාපදිංචි කර ඇති අතර,

ඉන් බහුතරයක් යතුරුපැදි (280,000 ට වැඩි) වන අතර මෝටර් රථ දෙවන ස්ථානයට පත්වූයේ වාර්ෂිකව නව ලියාපදිංචි කිරීම් 35,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙනයි"
රජයේ නිලධාරීන්ට ලබා දී ඇති විශේෂ බලපත්‍රවල පසුබිම මත පද්ධතිය තුළ ඇති වී ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, 1,300CC ට අඩු කුඩා වාහන සඳහා වූ තහනම ඉවත් කිරීම ඉදිරි වසර 2 තුළ (නව ලියාපදිංචි කිරීම්) 10,000-15,000 අතර නව ලියාපදිංචියක් ඇති කරනු ඇතැයි විශ්වාස කරන බව වාර්තා කර ඇත. 1,000CC ට අඩු කුඩා මෝටර් රථ ආනයනය 2019 දී 26,962 ක් සහ 2018 දී 64,195 ක් විය).



මෙම අංශයේ ණය  57.3%ක් ලීසිං ව්‍යාපාරයට නිරාවරණය වී ඇති බැවින් විවිධාංගීකරණය වූ මූල්‍ය ක්ෂේත්‍රයේ අපේක්ෂාවන් ඉහළ නැංවීමට මෙම පියවර අපේක්ෂා කෙරේ.

රටේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟ පොලී අනුපාත අඩු කිරීම  ලීසිං ව්‍යාපාරවලට ආධාර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින ආනයන තහනම අර්ධ වශයෙන් ඒ අනුව ලිහිල් කරනු ඇත.