vietnam-issue

වියට්නාමයේ පළාත් පාලන කාර්යාලවලට සිදු කරන ලද මාරාන්තික තුවක්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නඩු විභාග කර තිබේ.

මෙම කැරළිකරුවන් පසුගිය වසරේ මධ්‍යම කඳුකරයේ සිදු කරන ලද  ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්ථා වෙයි. එම ප්‍රහාර සිදු වී ඇත්තේ රජයේ තාඩන පීඩන ගැන පැමිණිලි කරන වාර්ගික සුළු ජාතීන් සිටින ප්‍රදේශයක ය.

ප්‍රහාරකයින්ට ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය වූ බව ඉදිරිපත් කරන ලද පැමිණිල්ල තර්ක කරයි.



ජූනි 11 වන දින උදෑසන, Ho Chi Minhනගරයට උතුරින් 300km (සැතපුම් 186 ක්) පමණ දුරින්, Dak Lak පළාතේ Cu Kuin දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලන මූලස්ථානයට සහ පොලිස් කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තුවක්කු සහ වෙනත් ආයුධ භාවිතා කළහ.
එහිදී පොලිස් නිලධාරීන් හතර දෙනෙක්, ප්‍රාදේශීය නිලධාරීන් දෙදෙනෙක් සහ සිවිල් වැසියන් තිදෙනෙක් ඇතුළු නව දෙනෙක් මිය ගියහ.

අඟහරුවාදා ආරම්භ වී දින 10 ක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන නඩු විභාගයේදී, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 98 දෙනෙකුට ,  අපරාධකරුවන් සැඟවීම සම්බන්ධයෙන් එක් අයෙකු  සහ නීතිවිරෝධී සංක්‍රමණ සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් තවත් අයෙකුටත් ලෙස සිය දෙනෙකුට පමණ චෝදනා එල්ල කර ඇති බව රජයේ ටුඕයි ට්‍රේ පුවත්පත වාර්තා කළේය.



වියට්නාමයේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා දඬුවමක් වශයෙන් මරණ දඬුවම නියම කිරීම සිදු විය හැකිය. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසා ඇත්තේ සෑම වසරකම රට තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව තමන් විශ්වාස කරන බවයි.

විත්තිකරුවන් 6 දෙනෙකු නොපැමිණීම සම්බන්ධයෙන් නඩු විභාග කෙරෙන අතර, ඔවුන් ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු යටතේ සිටිති.

වියට්නාමයේ සිවිල් වැසියන්ට ගිනි අවි ළඟ තබා ගැනීම නීති විරෝධී වන අතර , එට තුළ තුවක්කු හිංසනය අතිශයින් දුර්ලභ ය.

"මෙම නඩුව බරපතලයි... මෙය ඊනියා ඩෙගා රාජ්‍යය පිහිටුවීමේ අරමුණ ඇතිව ත්‍රස්තවාදීන් විසින් රාජ්‍යය පෙරලා දැමීමට ගත් උත්සහායක්," යැයි ඩැක් ලක් ජනතා කමිටුවේ නියෝජ්‍ය සභාපති H'Yim Kdoh ප්‍රකාශ කරන ලදී.

ඩෙගා යනු ප්‍රධාන වශයෙන් වියට්නාමයේ මධ්‍යම කඳුකරයේ ජීවත් වන ක්‍රිස්තියානි වාර්ගික සුළුතරයකි.

ඔවුන්ගෙන් ඇතැමුන් ප්‍රාන්තයට ස්වයං පාලනයක් අපේක්ෂා කරති.

ප්‍රහාරයෙන් පසු තුවක්කු සහ රයිෆල් 23 ක්, අත්බෝම්බ දෙකක්, උණ්ඩ 1,199 ක් සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් භාරයට ගත් අතර, ඒවා "ම්ලේච්ඡ හා අමානුෂික" දෑ ලෙස නිලධාරීන් විස්තර කර ඇත.

වියට්නාමයේ බොහෝ වාර්ගික සහ ආගමික සුළුතරයන් රටේ ඒකපක්ෂ දේශපාලන ක්‍රමයේ ආධිපත්‍යය දරන කොමියුනිස්ට් පක්ෂය අතින් සිදුවන පීඩනය ගැන දිගු කලක් තිස්සේ පැමිණිලි කර ඇත.