wedding-ring-stolen-incident-pallekele

පල්ලේ­කැලේ පොලිස් වසමේ පිහිටි නි‍ව­සක විශ්වා­ස­ව­න්තම සේව­ක­යකු ලෙස පෙනි සිටි­මින් නි‍ෙවසේ අව­මං­ල්‍ය­ය­කට යන බව පව­ස­මින් සේවක වැටුප ද ලබා ගෙන නිවාස හිමි­යාගේ නි‍වසේ තිබුණ විවාහ වූ දින පැලඳූ රුපි­යල් තුන්ලක්ෂ හැට­ද­හ­සක් වටිනා රන් මුදුව පැහැ­ර­ගත් සැක­කරු බදුල්ල බුටා­වත්ත ප්‍රදේ­ශ­යේදී පල්ලේ­කැලේ පොලි­සිය විසින් පසු­ගිය 24 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

රුපි­යල් තුන්ලක්ෂ හැට­ද­හ­සක් (360,000) වටිනා රන් මුදුව පැහැර ගන්නා ලද බදුල්ල,

බුටා­වත්ත ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගන්නා ලද මෙම සැක­කරු අංක 144/24 දරන බී. වර්තාව මඟින් තෙල්දෙ­ණිය වැඩ බලන මහේ­ස්ත්‍රාත් නිතිජ ශිරෝමි ප්‍රබෝ­ධිකා නියා­ගම මහ­ත්මිය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු විසි පස්වන දින රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේය. පල්ලේ­කැලේ පොලිස් වසමේ වරා­පි­ටිය ප්‍රදේ­ශයේ නි‍ව­සක ගෙයි හිමි­යාගේ විශ්වා­ස­ව­න්තම සේව­ක­යෙකු ලෙස සිටි­මින් ගෙයි හිමි­යාට විවහා වු දින පැලඳ වු රුපි­යල් තුන්ලක්ෂ හැට­ද­හ­සක් වටිනා රන් මුදුව

මෙම සේව­කයා විසින් සොරා­ගෙන ඔහුගේ බදුල්ල ප්‍රදේ­ශයේ පිහිටි නි‍ෙව­සට ගොස් පෞද්ග­ලික බැංකු­ව­කට උකස් කර රුපි­යල් හත­ළි­ස්ද­හ­සක මුද­ලක් ලබා ගෙන තිබුණි.

පල්ලේ­කැලේ පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි. 


කර­ල්ලි­යද්ද - කේ. විජේ­සිරි නිශ්ශංක