welipenna-incident

මව විදෙස් රැකි­යා­ව­කට ගොස් ආපසු එන විට තම 15 හැවි­රිදි දැරිය පස් මස් ගැබි­නි­යක බවට පත් කළ පුද්ග­ලයා සොයා දෙන්නැයි වැලි­පැන්න, අරි­ය­වං­ශ­ගම ප්‍රදේ­ශයේ දෙදරු මවක් පසු ගිය (28) දා වැලි­පැන්න පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබේ.

වැලි­පැන්න අරි­ය­වං­ශ­ගම ප්‍රදේ­ශයේ කාන්තා­වක මීට වසර පහ­කට පෙර දිය­ණි­යන් දෙදෙනා තම මව භාර­යට පත්කර විදෙස් රැකි­යා­ව­කට ගොස් තිබේ. වසර පහක් විදෙස් රැකි­යාව සිදු කර පසු ගිය දා සිය නිව­සට පැමිණ ඇත. එහිදී තම දිය­ණි­යගේ කායික තත්ත්වය පිළි­බද වෙන­සක් දැනුන නිසා දිය­ණිය වෛද්‍ය­ව­ර­යකු වෙත යොමු­කර තිබේ.

දැරිය මේ වන­විට පස් මස් ගැබි­නි­යක් බව මෙහිදි හෙළිව ඇත.

මෙම තොර­තුරු පොලි­සි­යට පැමි­ණිලි කිරි­මෙන් පසු වැලි­පැන්න පොලි­සියේ ළමා හා කාන්තා කාර්ං­ශය මේ පිළි­බඳ පරි­ක්ෂණ සිදු­කි­රි­මේදි හෙළිව ඇත්තේ දැරිය පාසල් යන අත­ර­තුර හඳු­නා­ගත් පෙම්වතා ආච්චි­ගේද අනු­දැ­නුම ඇතිව සිය නිව­ස­ටම පැමිණ දැරිය සමඟ අඹු­සැ­මි­යන් ලෙස ගත­කර ඇති බවයි.

දැරි­ය­ගෙන් ලද තොර­තුරු අනුව පොලි­සිය තරු­ණ­යාගේ නිව­සට ගියත් තරු­ණයා ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් ඇත. තම පුතා මෙම දැරිය ගැබි­නි­යක් කළ බව ඩී. එන්. ඒ. පරී­ක්ෂ­ණ­යක් සිදු කර තහ­වුරු උව­හොත් ගැබිනි දිය­ණිය බාර­ගන්නා බව සැක කාර තරු­ණ­යාගේ මව ප්‍රකාශ කර තිබේ. තරු­ණයා අත් අඩං­ගු­වට ගැනි­මට පොලී­සිය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.



දැරි­යන්ගේ ආක්ෂා­වට සිටි ආච්චි මෙම සිද්ධි­යට ආධාර අනු­බල දුන් බවට සැක පිට අත් අඩං­ගු­වට ගෙන මතු­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරි­මට කට­යුතු කර ඇත.

වැලි­පැන්න පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චමින්ද සිල්වා මහ­තාගේ උප­දෙස් අනුව ළමා හා කාන්තා කාර්යං­ශයේ උප පොලිස් පරි­ක්ෂක චමරි මහ­ත්මිය ඇතුළු පිරි­සක් මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ සිදු­ක­රති.