වැල්ලවත්ත දයා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ජාත්‍යන්තර පාසලක හිටපු ගුරුවරියක 08 වන මහලින් බිමට පැන දිවි නසා ගැනීමේ සිදුවීමක් පෙරේදා සවස වාර්තා විය.
මේ කාන්තාව දිවි නසා ගන්නා ලදැයි පැවසෙන අවස්ථාවේ ඇය පදිංචිව සිටි මහල් නිවාසයේ දෙවෙනි මහලේ ඇයගේ එකම පුතා පාඩම් කරමින් සිට ඇති අතර ඇයගේ සැමියා යම් කාර්යයක් සඳහා බැහැරට ගොස් තිබිණි.
ඒ අවස්ථාවේ මේ කාන්තාව මහල් නිවාස සංකීර්ණයේ අටවන මහලේ බැල්කනිය අසලට ගොස් පුටුවක් තබා පුටුවට නැඟ බිමට පැන දිවි නසාගෙන ඇති බවට සාක්ෂි හමුවී තිබේ.
මෙලෙස දිවි නසාගෙන ඇතැයි පැවසෙන්නේ 49 හැවිරිදි ප්‍රේමිලා ඥාන ගනේෂන් නමැති එක්දරු මවකි. ඇය කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් කර මේ වනවිට විශ්‍රාම ලබා සිටි ගුරුවරියකි.මේ සිදුවීම පෙරේදා (08) සවස 4.30ට පමණ සිදු වී ඇති අතර
මෙය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කාන්තාව යම් මානසික රෝගී තත්ත්වයකින් දීර්ඝකාලීනව පෙළෙමින් සිට ඇති බවත් එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගනිමින් සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි පාසල් ගුරුවරියක එහි 8 වැනි මහලෙන් බිමට පැන සියදිවි නසාගෙන ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහලවල මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. රංගන සිල්වා, පොලිස් සැරයන් බණ්ඩාර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ කරති.
0 Comments