ලෝක රෙස්ලිං තරගාවලී පවත්වන ප්‍රකට  WWE සමාගමේ ප්‍රධානියාට එරෙහිව හිටපු සේවිකාවක පසුගිය දිනෙක  ෆෙඩරල් නඩුවක් ගොනු කර තිබේ.
 විධායක වින්ස් මැක්මහෝන් සහ තවත් හිටපු විධායක නිලධාරියෙකු බරපතල ලිංගික අපචාර සිදුකළ බව චෝදනා කරමින්, ඇයව ලිංගිකත්වය සඳහා විකිණූ බව සදහන් කර තිබේ.



ඒ අනුව සමාගමේ සේවය කළ ජැනෙල් ග්‍රාන්ට්ගේ පිටු 67 කින් යුත් වාර්තාවේ දැන් 78 හැවිරිදි වියෙහි පසුවන  මැක්මහෝන් ඇයට රැකියාවක් ලබා ගැනීමට සහ ඇයව ඔහු යටතේ තබා ගැනීමට බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධකම්වලට සම්බන්ධ කෙරූ බවට චෝදනා ඇතුළත් කර ඇත.

McMahon 2022 දී WWE හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වූයේ WWE පදනම් වූ කනෙක්ටිකට් හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද නඩුවේ චෝදනාවලට ගැලපෙන චෝදනා පිළිබඳ විමර්ශනයක් මධ්‍යයේ ය.

WWE සහ සමාගමේ හිටපු දක්ෂතා සම්බන්ධතා ප්‍රධානියා සහ සාමාන්‍යාධිකාරී ජෝන් ලෝරිනයිටිස් යන අය ද නඩුවේ විත්තිකරුවන් ලෙස ග්‍රාන්ට් නම් කර ඇත.



මෙහිදී එය උලුප්පා දක්වමින් ග්‍රාන්ට්ගේ නියෝජිතයින් පැවසුවේ සාමාන්‍යයෙන් ලිංගික අතවර සිද්ධීන් සම්බන්ධයෙන් චූදිතයන් නම් නොකර බවත්,ඇය නම්කරමින් උත්සහ කරන්නේ මෙයින් ප්‍රසිද්ධියට යාමට අවශ්‍ය නිසා බවකි.

නමුත් WWE හි මව් සමාගම වන TKO සමූහය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම චෝදනා බැරෑරුම් ලෙස සලකන බවත්, ග්‍රාන්ට්ගේ  නඩුව මගින් වෙනත් කාන්තාවන් වින්දිතයන්ට ලක්වීම වලක්වනු ඇති බවත් ,සංවිධානය මැක්මහෝන් මහතාගේ දූෂිත හැසිරීම් ඉතිහාසය ගැන හොඳින් දන්නා බවත්  එහි නායකත්වයේ ඇති විෂමාචාරය සම්බන්ධයෙන් ඔවුන් හට  වගකීම භාර ගැනීමට කාලය පැමිණ ඇති බවත් ය.