chinese-man-and-his-mistress-executed-for-murdering-his-two-kids-with-exwife

තම පෙම්වතිය සමග එකට නව පවුලක් ආරම්භ කිරීමට සිතා චීන ජාතිකයෙක් ඔහුගේ  පෙර විවාහයේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් දෙදෙනාටම මරණ දණ්ඩනය ලැබී ඇත.

චයිනා ඩේලි වාර්තා කරන ආකාරයට ඔවුන්ගේ මරණ දඬුවම මෑතකදී අනුමත කිරීමෙන් පසුව ෂැං බෝ සහ ඔහුගේ පෙම්වතිය වන යේ චෙන්චෙන් බදාදා මාරාන්තික එන්නත් කිරීමකින් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

2020 දී නිරිතදිග චීනයේ චොංකිං හි නිවාස සංකීර්ණයක 15 වන මහලේ සිට කවුළුවකින් තම දරුවන් දෙදෙනා පිටතට විසි කිරීම සම්බන්ධයෙන් ෂැං වැරදිකරු වී ඇත.


මෙලෙස මරා දමා ඇත්තේ , අවුරුදු දෙකක ගැහැණු ළමයෙක්  සහ අවුරුද්දක් වයසැති පිරිමි ළමයෙක් ය.



ඔහුගේ පෙම්වතියට මෙම කුඩා දරුවන් බාධකයක්" ලෙස දුටු නිසා  ඔවුන්ව මරා දමන ලෙස නිරන්තරයෙන් ෂැංට බල කර ඇති බව  උසාවිය තීරණය කර ඇත.

මරා දැමීමට හවුල් වූ නිසාත්,මරා දැමීමට පෙලබවූ නිසාත් යේ ද වරදකරුවෙක් වී ඇත.

මොවුන් දෙදෙනා හට  2021 දී මරණීය දණ්ඩනය නියම කරන ලද නමුත් දීර්ඝ අභියාචනා ක්‍රියාවලියකින් පසුව Zhang සහ Ye සඳහා දෙවන නඩු විභාගයක් සිදුව ඇත.

Chongqing High People’s Court මුල් තීන්දුව තහවුරු කළ අතර Zhang සහ Ye ට ලබා දුන් දඬුවම් සුදුසු බව තීරණය කොට ඇත.

එහි තීන්දුව පසුව අනුමැතිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, ඉන් ඔවුන් තවදුරටත්  ප්‍රධාන වැරදිකරුවන් වී ඇත.

එසේම ඔවුන්ගේ අභිප්‍රාය “නින්දිත” සහ “ම්ලේච්ඡ” යැයි උසාවිය තීරණය කර ඇත.

මේ වන විටත් ඔවුන් මරණයට පත් කළේ කෙසේද යන්න පැහැදිලි ලෙස වාර්තා වී  නැත, නමුත් චීනයේ වඩාත් සුලභ ක්‍රමය වන්නේ මාරාන්තික එන්නත් කිරීම බව ඩේලි මේල් පුවත්පත පවසා ඇත.

සිදුවීමට අනුව ෂැං තමා විවාහක බවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඇයට නොකියා යේ සමඟ විවාහයෙන් පරිබාහිර සම්බන්ධයක් ආරම්භ කර ඇත.

කල් යාමයත් සමග ඒ පිලිබදව දැනුවත් වූ ඇය , 2020 පෙබරවාරි මාසයේදී ඔහුගේ එවකට බිරිඳ වූ චෙන් මයිලින් දික්කසාද වූ පසු, ඔහුගේ දරුවන් දෙදෙනා මරා දමන ලෙස යේ ෂැංගෙන් ඉල්ලා සිට ඇත.

ඊට හේතු වශයෙන් ඇය සදහන් කර ඇත්තේ එය ඔවුන් විවාහ වීමට “බාධකයක් ” සහ “ඔවුන්ගේ අනාගත ජීවිතයට බරක්” ලෙසය.

ඒ අනුව 2020 නොවැම්බරයේදී ඔහුගේ දියණිය Zhang Ruixue සහ පුත් Zhang Yangrui නිවාස සංකීර්ණයෙන් පහලට විසි කර ඇත.



එසේ සිදු කලද ඔහු ඒ පිලිබදව පසුව දැඩි කම්පන තත්වෙන් පසු වූ බව ඔහුගේ පසු වීඩියෝ දර්ශන තුලින් පැහැදිලිව පෙනෙනු ඇත.

එක්  වීඩියෝ දර්ශනයක ඔහු තම හිස බිත්තියේ ගසා පාලනය කර ගත නොහැකි ලෙස හඬා වැලපෙනු ද දක්නට ලැබුණු බව ද වාර්තා කොට ඇත.

මුලදී ඔහු මේ පිලිබදව කියා සිට ඇත්තේ දරුවන් වැටෙන විට තමා නිදාගෙන සිටි බවත්, පහත මාලයේ කෑගැසීමට තමා අවදි වූ බවත්ය.

ඔහුගේ නිත්‍යානුකුල විවාහක බිරිද පවසා ඇත්තේ ෂැන්ග් දෙදෙනාව මරා දැමූ දිනයේ උදැසන තම දියණිය රැකබලා ගන්නා ලෙස ඇගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේනමුත් මෙම ඛේදජනක සිදුවීම පිලිබදව අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කොට ඇත්තේ ඇගේ  දරුවන් ඔවුන්ගේ පියා සහ අනියම් බිරිඳ විසින් 15 වන මහලෙන් එළියට දැමූ බව ඇයට  ඇසුණු මොහොතේ, ඇගේ  හැඟීම් විස්තර කිරීමට ඇයට  වචන සොයාගත නොහැකි වූ බවයි.

කෙසේනමුත් මේ වන විට මෙම සිදුවීම චිනයම කම්පාවට පත්කොට ඇත.