Engineers-complain-about-allowing-vehicles-to-drive-over-Victoria-Dam

වික්ටෝ­රියා වේල්ල මතින් වාහන ගම­නා­ග­ම­න­යට අව­සර දීමෙන් වේල්ලේ ස්ථායි­තා­වට හානි­වීම ඇතුළු බර­ප­තළ ගැටලු රැසක් පැන නැඟිය හැකි බව මහ­වැලි ප්‍රධාන ජලාශ හා වේලි භාර ඉංජි­නේ­රු­වරු පව­සති.



අධි ආර­ක්ෂක කලා­ප­යක් ලෙස ගැසට් කර තිබෙන වේල්ල ආශ්‍රිත ප්‍රදේ­ශයේ අධි සංවේ­දක උප­ක­රණ විශාල ප්‍රමා­ණ­යක් සවි කර තිබෙන බවත්, වාහන ගම­නා­ග­ම­න­යට විවෘත කිරී­මෙන් වේල්ලට ඇති වන කම්ප­නය එහි ස්ථායි­තා­වට හානි­යක් බවත් ඔවුහූ පෙන්වා දෙති. වික්ටෝ­රියා වේල්ල මතින් සැහැල්ලු වාහන ගම­නා­ග­ම­න­යට අව­සර දිය යුතු බවට යෝජ­නා­වක් මහ­නු­වර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වට ඉදි­රි­පත්ව තිබූ අතර, මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ලලිත් යූ. ගමගේ, මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්න­කෝන් මහ­ත්ව­රුන් අද­හස් දක්ව­මින් පවසා සිටියේ එම තීර­ණය ක්‍රියා­ත්මක කිරීමේ වර­දක් නොමැති බවයි. මේ සම්බ­න්ධව අව­සන් තීර­ණය ගැනී­මට අදාළ යෝජ­නාව මහ­වැ­ලිය භාර අමා­ත්‍යාං­ශ­යට යොමු කිරී­මට සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වෙන් තීර­ණය කරනු ලැබීය.



වේල්ලේ නඩත්තු කට­යුතු සඳහා විශාල දොඹ­කර යොදා­ගැ­නීම සිදු වන අව­ස්ථා­වල පැය පහක පමණ කාල­යක් වේල්ල මතින් ඇති මාර්ගය වසා දමන බවත්, මෙවැනි කරුණු ගණ­නා­වක් හේතු­වෙන් වේල්ල මතින් වාහන ගම­නා­ග­ම­න­යට අව­සර දීම ගැටලු සහ­ගත බවත්, මේ ආකා­ර­යට අව­සර දීමක් සිදු වුව­හොත් වේල්ල මතින් ජලා­ශ­යට පැන සිය­දිවි නසා ගැනීම් පවා වාර්තා වීමට ඉඩ ඇති බවත් මහ­වැලි ජලාශ හා වේලි භාර ඉංජි­නේ­රු­වරු ප්‍රකාශ කරති. 

අසේල කුරු­ළු­වංශ