Prabowo-Subianto-on-track-to-win-Indonesia-presidential-race-early-results

මේ වන විට ලොව විශාලතම එක්දින ජනපති මැතිවරණය ඉන්දුනීසියාවේ පැවැත්වේ. එහි අපේක්ෂකයෙකු ලෙස  ඉද්රිපත්ව සිටින
ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්ටෝ පළමු වටයේ දී ප්‍රකාශිත ඡන්දවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව එහි මුල් ප්‍රතිඵලවලින් පෙන්නුම් කිරීමෙන් පසු ඔහු රටේ මීළඟ ජනාධිපතිවරයා වීමට නියමිතව ඇත.



එසේම මෙම ජයග්‍රහණය සියලුම ඉන්දුනීසියානුවන්ගේ ජයග්‍රහණයක්" යැයි ඔහු ඡන්ද විමසීම අවසන් වී පැය කිහිපයකට පසු ඔල්වරසන් දෙමින් ආධාරකරුවන්ට පවසා ඇත.

මුල් ඡන්ද නියැදි පෙන්නුම් කළේ ඔහු දෙවන වටයේ තරඟ වැදීමෙන් වැළකී 57% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් බවයි.

72 හැවිරිදි ප්‍රබෝවෝ මහතා කාගේත් සිත් ගත් චරිතයක් වූ අතර ඔහුගේ ජනප්‍රියත්වය නිසා ඉන්දුනීසියාව එහි අධිකාරීවාදී අතීතය වෙත ආපසු යෑමක් සිදුවෙනු ඇතැයි යන්න බොහෝ අදහස් පලවී ඇත.



ඒකාධිපති ජෙනරාල් සුහර්තෝ යටතේ හිටපු විශේෂ බලකායේ අණදෙන නිලධාරියෙකු වූ අතර ඔහුගේ බෑණා, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනාවලින් මේ වන විට පිඩා විදිනු ඇත.

ඡන්ද විමසීම අවසන් වූ විගස ජකර්තා හි ගෘහස්ථ ක්‍රීඩාංගනයකදී ප්‍රීති ඝෝෂා නගමින් සිටි ආධාරකරුවන් පිරිසක් ඔහුව පිළිගත් අතර ප්‍රීතියෙන් සිටින ආධාරකරුවන්ට අහංකාර නොවන ලෙසද ඔහු  අවවාද කර ඇත.

ඔහුගේම වචනයෙන් ඔහු පවසා ඇත්තේ මෙම අවස්ථාවේදී ජනතාවට අපි අපි කෘතඥ විය යුතු බවත්,අහංකාර නොවිය යුතු බවත්,ප්‍රීතියෙන් නොව, නිහතමානීව සිටිය යුතු බවත්, මෙම ජයග්‍රහණය ඉන්දුනීසියාවේ සියලුම මිනිසුන්ගේ ජයග්‍රහණයක් විය යුතු බවත් ය.

ඔහු හිටපු ජනාධිපතිවරුන්ගේ නම් ද සඳහන් කළ අතර, ඉවත්ව යන ජනාධිපති ජෝකෝ විඩෝඩෝට කෘතඥතාව පළ කිරීමේ සටහනක් ද ඇතුළුව, ඔහුගේ ප්‍රතිපත්ති දිගටම කරගෙන යාමට පොරොන්දු වී ඇත.

පසුගිය මැතිවරණ දෙකේදී ප්‍රබෝවෝ මහතා   ඉතා ජනප්‍රියව සිටින විඩෝඩෝ මහතාට එරෙහිව අසාර්ථක තරගයක නියැළුන අතර ඔහු කොහොමත්  දැන් වසර පහක ධූර කාලයකින් පසුව ඉල්ලා අස්විය යුතුව ඇත.



කෙසේවෙතත් බොහෝ ඡන්දදායකයින් කියා සිටියේ තමන් ඡන්දය ප්රකාශ කිරීමේ විකල්පයන් ගැන කලකිරී සිටින බවයි.

මේ පිලිබදව විවිධ අදහස් පළවූ අතර දැනට ජර්මනියේ වෙසෙන ඡන්දදායකයෙක් ප්‍රකාශ කර තිබුනේ ඉන්දුනීසියාවට සැබවින්ම ශක්තිමත් චරිතයක් අවශ්‍ය" බවත් මොහු එයට සුදුසු බවත් ය.

සැබවින්ම ඉන්දුනීසියාවේ දූපත් 17,000ක් සහ වේලා කලාප තුනක් හරහා මිලියන 205කට අධික ඡන්දදායකයින් ලොව විශාලතම සහ වඩාත් සංකීර්ණ එක්දින මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

ප්‍රබෝවෝ මහතා සමග තරග වැදීමට හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු වන ගන්ජාර් ප්‍රනෝවෝ සහ ඇනීස් බස්වෙඩන් මහතාත් ඉදිරිපත් වූ අතර ප්‍රාදේශීය වේලාවෙන් සවස් වන විට, ඉක්මන් ගණන් කිරීම් පෙන්නුම් කළේ ඔවුන් පිළිවෙලින් 17% සහ 25% කින් ඔහුට වඩා බොහෝ පසුපසින් සිටින බවයි.

විශේෂයෙන්ම මෙම තරගයේදී ප්‍රබෝවෝ සුබියන්තෝ දක්ෂ සහ උද්යෝගිමත් ලෙස සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කළ අතර එය ඔහු සොල්දාදුවෙකුගේ සිට, තරමක් හාස්‍යජනක, වැඩිහිටි රාජ්‍ය නායකයෙකු දක්වාම ඔහුගේ  ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කර ඇත.

විශේෂයෙන්ම ප්‍රබෝවෝ මහතාගේ මතභේදාත්මක අතීතය ගැන එතරම් දැනුමක් නැති තරුණ ඉන්දුනීසියානුවන් අවනත කර ගැනීමට එය විශාල පිටුවහලක් වී ඇත.

ඉන්දුනීසියාවේ ප්‍රභූ විශේෂ බලකායේ සාමාජිකයෙකු සහ පසුව අණ දෙන නිලධාරියෙකු ලෙස නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කිරීමේදී බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර 1990 ගනන්වල සුහර්තෝ පාලනයේ අවසාන දිනවලදී ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමට නියෝග කල බවටද චෝදනා ඇත.



නමුත් ඔහු එම  චෝදනා ප්‍රතික්ෂේප කරන අතර කිසිම දෙයකට වරදකරු වී නැත.

ඔහුගේ වැඩිමහල් පුත් ජිබ්‍රාන් රකබුමින් රකා ප්‍රබෝවෝ මහතාට මෙම අවස්ථාවේ ලගින්ම හිදිමින් උදව් සපයා ඇත.

බදාදා රාත්‍රියේ මෙම යුගල පිටියට පිවිසෙන විට ආධාරකරුවන්ගේ ප්‍රීති ඝෝෂා නැඟිණි. නමුත් ප්‍රබෝවෝ මහතා ඔවුන්ට මතක් කර දුන්නේ ඔවුන් තවමත් මැතිවරණ කොමිසමේ නිල ප්‍රතිඵල එනතෙක් බලා සිටිය යුතු බවයි.

ඔහුගේ ආසන්නතම අභියෝගකරුවා වන Anies Baswedan, ඉක්මන් ගණන් කිරීම් අනුව යමින්, වෙනසක් සඳහා තම ව්‍යාපාරය දිගටම කරගෙන යාමට සැලසුම් කර ඇති බවත්, ඡන්ද ගණන් කිරීම අවසන් වී නොමැති බවත් පෙන්වා දුන්නේය.

යුනිටි සඳහා වෙනස් කිරීමේ සන්ධානය (කේපීපී) නායකයා සහ ජකර්තා හි හිටපු ආණ්ඩුකාරවරයා සිය ප්‍රචාරක මූලස්ථානයේදී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ නිල ප්‍රතිඵලය ලැබෙන තෙක් අපි බලා සිටින අතර අපි එයට ගරු කරන්නෙමු යනුවෙන් ය.

වසර 10ක බලයෙන් පසුව වුවද, නික්මයන ජනාධිපති විඩෝඩෝ අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය තුළ ඉහළ අනුමැතිය ලබා ඇත

එහෙත් ඔහුට  ඉන්දුනීසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කළ බවටත්, ප්‍රබෝවෝ මහතා සමඟ ඇති සන්ධානය තුළ ඔහුගේ බලය අනිසි ලෙස භාවිත කළ බවටත් චෝදනා ඇත.

බොහෝ ඉන්දුනීසියානුවන්ට ප්‍රබෝවෝ මහතාගේ ජයග්‍රහණය නියත නමුත් එය  ඔවුන්ගේ තරුණ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරදරකාරී දිශාවක් සකසන බවටනම් දැන්ම පෙරමග ලකුණු ලැබී ඇත.