සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සඟවා තිබූ රුපියල් ලක්ෂ පහළොවක මුදලක් හා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකු (08) අත්අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ, පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කීය.
දොඩංගොඩ මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රබර් කිරි ව්‍යාපාරයක නියැළෙන කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරෙකු බව ද ඔහු ද එම නිෙවසට කිට්ටුව පදිංචිව සිටින අයකු බව ද පොලිසිය සඳහන් කරයි.
පැමිණිලිකාර කාන්තාව පසුගිය 01 දා නිවසේ දොරගුළු වසාදමා රබර් කිරි ව්‍යාපාරික කටයුතු සඳහා පිටව ගොස් නැවත පැමිණෙන විට නිවසේ දොරක් විවෘත කර තිබී ඇති අතර, ඒ අනුව නිදන මෙට්ටය යට සඟවා තිබූ රුපියල් ලක්ෂ 15 ක මුදල සොයාබැලීමේදී එය නොතිබූ බවටත් පැමිණිල්ලේ සටහන්ව ඇතැයි වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය. ඒ අනුව පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් පසු මෙසේ සොරකම් කරන ලද රුපියල් ලක්ෂ පහළොවක මුදල පයාගල පොතුවිල ප්‍රදේශයේ ඥාතීන් නිවසේ පිටුපස කෙසෙල් පඳුරක් ආසන්නේ වලදමා තිබියදී සොයා ගත් අතර ලැප්ටොප් පරිගණකය එම නිවසේම ළිඳ තුළට දමා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණවර්ධන, සැරයන්වරුන් වන කිත්සිරි දිසානායක (44702), කුමාර (12732) කොස්තාපල් නිරෝෂන් (81390) යන නිලධාරීන් වැටලීමට එක්වූහ.
සුමිත් ප්‍රේමතිලක, කවිඳු සමරවීර
0 Comments