දිවයින පුරා සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම්වරුන් 341න් 200කට වැඩි පිරිසකට ඉදිරියේදී සිය තනතුරු අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය සේවා කොමිසමේ නවතම නිර්දේශයක් අනුව රාජ්‍ය පරිපාලන සේවයේ II හා III වැනි ශ්‍රේණිවල සිටින නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් තනතුර දැරිය නොහැකි වීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරුන් හැටියට පත්කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් පමණක් යැයි කී හෙතෙම 2 හා 3 ශ්‍රේණිවල නිලධාරීන් තනතුරු දරන ප්‍රාදේශීය ලේකම් තනතුරු පුරප්පාඩු වූ ඒවා හැටියට සැලකෙන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
කෙසේ වෙතත් මෙම නව පත්වීම් කෙරෙන්නේ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව යැයි ද මේ වනවිටත් එම පත්වීම් ලබාදීම ආරම්භ කර ඇතැයි ද අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ ය.
නිදසුනක් හැටියට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16න් පළමු ශ්‍රේණියේ නිලධාරීන් සිටින්නේ තුන් දෙනෙකු පමණක් යැයි ද සෙසු ප්‍රාදේශීය ලේකම්වරුන් 13 දෙනා ම 2 වන ශ්‍රේණියේ නිලධාරීන් යැයි ද ඒ මහතා කීවේ ය.
ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා මේ අදහස් පළ කළේ රත්නපුර නිලමේ ඡන්ද හා ප්‍රාදේශීය ලේකම්වරුන් මාරු කිරීම අතර අන්තර් සම්බන්ධයක් ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ය.
මෙම ක්‍රමවේදයේදී මෙතෙක් ප්‍රාදේශීය ලේකම් ධුර දැරූ පහළ ශ්‍රේණිවල නිලධාරීන් සංචිතයට යොමුකිරීමක් සිදුවන්නේ යැයි කී හෙතෙම එම නිලධාරීන් කොතෙක් කාර්යක්ෂම හා දක්ෂ අය වුවත් මෙම රාජ්‍ය සේවා කොමිසම් නිර්දේශයට හිස නවන්නට සිදුවන්නේ යැයි ද සඳහන් කළේ ය.
දැනට ලංකාවේ ප්‍රාදේශීය ලේකම් ධුරවල රාජ්‍ය පරිපාලන සේවයේ 2 හා 3 ශ්‍රේණිවල නිලධාරීන් දෙසීයකට වඩා සිටින්නේ යැයි ද ඔහු කීවේ ය. කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිසමේ මෙම නව නිර්දේශ කිසිසේත් ප්‍රායෝගික නොවන්නේ යැයි රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතා චෝදනා කළේ ය.
මෙමගින් සිදු වන්නේ සංචිතයට යොමු කරන මෙම නිලධාරීන්ට වෙනත් තනතුරු දීම සඳහා නැවත නැවතත් ගැසට් නිකුත් කිරීමට යැයි ද ගැසට් නිකුත් කිරීම හැර වෙනත් වැඩක් කිරීමට වේලාවක් සොයාගත නොහැකි වනු ඇතැයි ද ප්‍රියන්ත මහතා පැවසීය.
එසේ ම මෙමගින් නිර්මාණය වන නව තත්ත්වය ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීමට පටන්ගෙන ඇතැයි ද එය නොවැළැක්විය හැකි කරුණක් යැයිද රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිප දෙනෙකු නිලමේ ඡන්දයක් මුල් කරගෙන මාරු කළැයි කියමින් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.
(අමිත් මධුරංග ගමගේ)
0 Comments