al-teachers

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු ඊයේ (1) ඉවත් වූහ.උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට දෙන රුපියල් 2000 දීමනාව මේවර

නොදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතුවලින් ඉවත් වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා

ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් දුන් බවත් මෙවර එම දීමනාව කප්පාදු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් ඉවත් වූ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වලින් පරීක්ෂකවරු ඊයේ දිනයේ සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටියහ. මේ අතර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතුවල යෙදෙන පරීක්ෂකවරුන්ට

දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව කප්පාදුවකින් තොරව එලෙසම ලබාදීමට පියවර ගන්නා බවය.ලබන සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
 රංජන් කස්තුරි