alubomulla-incident

09 හැවිරිදි දැරියකට බරපතළ අපයෝජනය සිදුකළැයි චෝදනා එල්ලවූ විශ්‍රාමිකයකුගේ සිරුර ඔහුගේ නිවසට යාබද ගබඩා කාමරයක තිබියදී සොයා ගත් බව අළුබෝමුල්ල පොලීසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, පානදුර, අළුබෝමුල්ල, පමුණුගම, කොස්ගහවත්ත අංක 427 හි පදිංචිව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයෙකු වන පී.ඩී. සරත් (අවු.61) නමැත්තෙකි.



අපයෝජනයට ලක්වූ දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දැරියගේ සහ මියගිය පුද්ගලයාගේ නිවෙස් එකිනෙක ආසන්නයේ පිහිටා තිබෙන අතර දැරිය තම නිවසට ආසන්න නිවසක සෙල්ලම් කර තම නිවස කරා යමින් සිටියදී දැරියව රවටා නිවසට රැගෙන ගොස් තිබූ සැකකරු දැරියට බරපතළ අපයෝජනයක් කර තිබූ බවත් දැරිය ඒ බව අසල්වාසී නිවසක කාන්තාවකට පැවසීමෙන් අනතුරුව ඇය දැරියව නිවසේ රඳවාගෙන තිබූ බවත් පොලීසිය කියයි.

මේ බව දැනගෙන තිබූ මියගිය පුද්ගලයා නිවසේ දොර වසා නිවසට යාබදව තිබෙන ගබඩා කාමරයට ගොස් සියදිවි හානිකරගෙන තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

දැරියගේ මව රැකියාව නිමවා පැමිණීමෙන් අනතුරුව අසල්වාසී කාන්තාව විසින් ඒ බව ඇයට පැවසීමෙන් අනතුරුව ඇය මියගිය පුද්ගලයා සොයා ගියද ඔවුන් නිවස වසා තිබූ බැවින් පොලීසියට පැමිණ පැමිණිලි කර තිබේ.



මියගිය පුද්ගලයා සිය පුතු හා ලේලිය සමග ගත කරන අතර ඔවුන් දෙදෙනා රැකියාවට යාමෙන් අතුරුව ඔහු පමණක් නිවසේ රැඳී සිටින බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 ඔහුගේ බිරිඳ මොරටුවේ පදිංචි දියණියගේ නිවසේ කල්ගෙවා සෑම සති අන්තයකම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ අතර ඇය පොහෝදා (23දා) නිවසට පැමිණෙන විට නිවසේ දොරවල් වසා තිබූ බැවින් නිවසට යාබද ගබඩා කාමරයට ගොස් බැලීමේදී සැමියාගේ සිරුර දැක තිබූ බව පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා මේ ආකාරයෙන් දැරියගේ සහෝදරයාටද අපයෝජනය කළ බවට මෙම සිද්ධියෙන් අනතුරුව පොලීසියට පැමිණිල්ලක් ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අළුබෝමුල්ල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඩී. මෙන්ඩිස් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජානකී රසාදරී මහත්මිය පරීක්ෂණ පවත්වයි.

   බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ