අරණායක දිසා රෝහලේ රාජකාරිවල නිරත ව සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ එම රෝහලේම රාජකාරි සිදු කළ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
මෙම වෛද්‍යවරයා අරණායක දිසා රෝහලේ සේවය නිරත ව සිටි 28 හැවිරිදි වෛද්‍යවරියකට මෙසේ ලිංගික අතවර කර ඇති බවයි වාර්තා වෙයි.
සැකකාර වෛද්‍යවරයා වෛද්‍යවරියගේ සිරුරේ ලිංගික අවයව ස්පර්ශ කර අසාමාන්‍ය වින්දනයක් ලබාගන්නට දැරූ උත්සාහය ගැන ඇයගේ පියා විසින් කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය සිදු කරන ලද පැමිණිල්ලට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (08) අරණායක පොලීසිය ෙසැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අරණායක දිසා රෝහලේ සේවයේ නිරත ව සිටි 45 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි.
අතවරයට ලක් වූ බව කියන වෛද්‍යවරියගෙන් සහ එම අවස්ථාවේ රාජකාරියෙ නිරත ව සිටි පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙන අතර වෛද්‍යවරිය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා විය.
0 Comments