ගම්පහ, බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් එම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
ඒ සඳහා බියගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර හතයි රූඩ් තුනක් වන ඉඩම් කොටස් දෙකක් අත්කර ගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
නවෝද්‍යා පවනි
0 Comments