ethiopia-hails-return-of-its-first-plane-stolen-by-mussolini-in-1930s

බෙනිටෝ මුසෝලිනිගේ ෆැසිස්ට් පාලන තන්ත්‍රය විසින් සොරකම් කරනු ලැබූ ඉතියෝපියාවේ පළමු ගුවන් යානය , දශක නවයකට පමණ පසු නැවතත් නිල වශයෙන් ඉතියෝපියාවට ලබා දීමට ඉතාලි රජය කටයුතු කර ඇත.



ඉතියෝපියාවේ Haile Selassie අධිරාජ්‍යයාගේ දියණියට ගෞරවයක් වශයෙන් නිපදවන ලද මෙම Tsehay නම් වූ ගුවන් යානය නිල වශයෙන් භාරදීම ඉතියෝපියානු අගමැති Abiy Ahmed විසින් අඟහරුවාදා සිදු කරන ලදී.



1935 දී Selassie ගේ පාලන සමයේදී ඉදිකරන ලද මෙම ගුවන් යානය ජර්මානු නියමු හර් ලුඩ්විග් වෙබර් සහ ඉතියෝපියානු ඉංජිනේරුවන් අතර පැවති සහයෝගී උත්සාහයක ප්‍රතිඵලයක් විය. 1935 දෙසැම්බරයේදී වෙබර් විසින් අඩිස් අබාබා සිට සැතපුම් 30 (කිලෝමීටර් 50) පමණ දුරක් ආවරණය කරමින් ගුවන් යානයේ පළමු ගුවන් ගමන ආරම්භ කළ අතර යානය විනාඩි හතක් පමණ ගුවනේ පැවතී ඇත.

1936 මැයි මාසයේදී ඉතාලි හමුදා ඉතියෝපියානු අගනුවරට ළඟා වන විට යානය අඩිස් අබාබා හි අතහැර දමා තිබූ අතර,  ඒ වන විට යානය පැය 30 ක පියාසර කාලය රැස් කර ගෙන තිබුණි.

ඉතිහාසඥයින්ට අනුව 1935 දී මුසෝලිනී විසින් එවකට ඇබිසීනියාව ලෙස හැඳින්වූ ඉතියෝපියාව අත්පත් කර ගැනීමෙන් පසු මෙම ගුවන් යානය ඉතාලියට ගෙන යන ලදී . පසුව ඊළඟ වසරේ එනම් 1936 දී එය අඩිස් අබාබා ෆැසිස්ට්වාදීන් අතට පත්විය.

1941 සිට ඉතාලි ගුවන් හමුදා කෞතුකාගාරයේ තබා ඇති මෙම ගුවන් යානය ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය  "සුවිශේෂී නිදර්ශකයක්" වන බව පවසයි.