නැමීබියාවේ වර්තමාන ජනාධිපති Hage Geingob මහතා ඉරිදා අලුයම Windhoek අගනුවර රෝහලකදී මිය ගිය බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මිය යන විට ඔහු 82 වියේ පසු විය.  

2014 වසරේ දී ජනාධිපති වශයෙන් තේරී පත් වූ මොහු , නැමීබියාවේ දීර්ඝතම අගමැති සහ තෙවැනි ජනාධිපතිවරයා විය. නැමීබියාවේ ජනාධිපති සහ ජාතික සභා මැතිවරණ වසර අවසානයේ පැවැත්වීමට නියමිතය.

Geingob මහතා සිය දෙවන ධුර කාලය ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී ,  ජනවාරි මාසයේදී කියා සිටියේ තමා පිළිකාවක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බවයි .



ජනවාරි මාසයේදී සාමාන්‍ය බයොප්සි පරීක්‍ෂණයකින් පසු , “පිළිකා සෛල” අනාවරණය වූ බව Geingob ගේ කාර්යාලය එකල පැවසීය.

"නැමීබියා ජනරජයේ ජනාධිපති වන අපගේ ආදරණීය , ආචාර්ය Hage G Geingob මහතා අද අභාවප්‍රාප්ත වූ බව මම ඔබට දන්වන්නේ අතිශය කණගාටුවෙන් " යැයි , වැඩබලන ජනාධිපති නන්ගොලෝ ම්බුම්බා ඉරිදා ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.

Geingob මහතා  2013 දී මොළයේ ශල්‍යකර්මයකට භාජනය වූ අතර 2023 දී ඔහු අසල්වැසි දකුණු අප්‍රිකාවේදී aortic සැත්කමකට භාජනය විය . මිය යන තුරුම ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ වින්ඩ්හෝක් හි පොහොඹ රෝහලේය.

“නැමීබියානු ජාතියට කීර්තිමත් සේවකයෙකු, විමුක්ති අරගලයේ නිරූපකය, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා සහ නැමීබියානු ජාතියේ කුළුණ අහිමි වී ඇත,” යනුවෙන් ම්බුම්බා මහතා පැවසීය.

අතිශයින්ම ශෝකයට පත් වූ මේ මොහොතේ, අවශ්‍ය සියලුම රාජ්‍ය විධිවිධාන යටතේ සන්සුන්ව රැස්ව සිටින ලෙස ඔහු ජාතියෙන් ඉල්ලා සිටි අතර,  ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය විධිවිධාන සම්පාදනය කිරීම සඳහා වහාම කැබිනට් මණ්ඩලය රැස් කරන බව ඔහු පැවසීය.



1941 දී උතුරු නැමීබියාවේ ගම්මානයක උපත ලද Geingob මහතා,  රටේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි Ovambo වාර්ගික කණ්ඩායමට පිටින් තේරීපත් වූ පළමු ජනාධිපතිවරයා විය.

 ඔහුගේ මුල් පාසල් අවධියේ සිටම නැමීබියාව පාලනය කළ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනයට එරෙහිව ඔහු ක්‍රියාකාරීත්වය ආරම්භ කළේය. මේ නිසාම පිටුවහල් කිරීමකට යටත් වූ Geingob මහතා, බොට්ස්වානා සහ එක්සත් ජනපදයේ දශක තුනකට ආසන්න කාලයක් ගත කළේය.

ඔහු එක්සත් ජනපදයේ සිටියදී නැමීබියාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි අතර, ප්‍රාදේශීය විමුක්ති ව්‍යාපාරය නියෝජනය කරමින්, දැනට නැමීබියාවේ පාලක පක්ෂය වන ස්වපෝ සංවිධානයේ  සාමාජිකයෙක් විය.

1990 දී ස්වපෝ පළමු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ විට, Geingob අගමැති ලෙස පත් කරන ලද අතර,  ඔහු වසර 12 ක් එම තනතුර දැරීය.

ස්වපෝ  පක්‍ෂය  විමුක්ති අරගලයේ දී සිදු කළ භූමිකාව හේතුවෙන් ,  2014  ඡන්දය පහසුවෙන් ජයග්‍රහණය කළ අතර එහිදී  Geingob මහතා ජනාධිපති විය.

පළල් කණ්නාඩි සහ නිකට මත පැසුණු රැවුල් රොදක් සහිත රළු එහෙත් දැඩි ලෙස කතා කරන මෙම නායකයා , විවිධ අමාත්‍ය සහ අභ්‍යන්තර පක්ෂයන් හී තනතුරු දැරීය.

ඔහුගේ පළමු ජනාධිපති ධූර කාලය දරුණු ආර්ථික අවපාතයකින් ,  ඉහළ විරැකියාවකින් සහ බද්ධ කිරීමේ චෝදනාවලින් අපිරිසිදු විය.

2019 දී ප්‍රකාශයට පත් කරන ලද ලේඛන මගින් පවසා සිටියේ, න

ැමීබියාවේ ධීවර බිම් වෙත අඛණ්ඩව ප්‍රවේශ වීම සඳහා රජයේ නිලධාරීන් අයිස්ලන්ත සමාගමකින් අල්ලස් ගත් බවයි.

මෙම චෝදනාව Geingob ගේ දෙවන වාරයේ ජනාධිපති අපේක්ෂාවට තර්ජනයක් වූ අතර,  ඔහුටද  පුම්බාගත් පරිපාලනයකට මුදල් පොම්ප කිරීම සහ දේශීය සමාගම්වලට වඩා විදේශිකයන්ට කොන්ත්‍රාත්තු ලබා දීම සම්බන්ධයෙන් විවේචන එල්ල විය.

එම නිසාම 2014 දී ඔහු ලබාගත් 87% ක් වන ඡන්ද ප්‍රතිශතය  2019 දී සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. නමුත් ඔහුට 56% ක  මනාප සමඟ පහසුවෙන් ජයග්‍රහණය කරා යෑමට හැකි විය.

ඔහු 2013 දී මොළයේ ශල්‍යකර්මයකට සහා 2023 ජුනි මාසයේදී දකුණු අප්‍රිකාවේදී හෘද කපාට සැත්කමකට භාජනය වූ ඔහු,  පසුකාලීනව සෞඛ්‍ය භීතිකාවන් කිහිපයකට මුහුණ දුන්නේය.

දැඩි පාපන්දු රසිකයෙකු වූ ඔහු  තරුණයෙකු ලෙස ක්‍රීඩා කළ අතර , එම නිසා ඔහුට ඩේන්ජර් පොයින්ට් යන අන්වර්ථ නාමය ලැබුණි.

ඔහු 1967, 1993 සහ නැවත 2015 දී තුන් වතාවක් විවාහ වූ අතර ඔහුට බොහෝ දරුවන් සිටින බව වාර්ථා වෙයි..