Philippines-landslide-Death-toll-rises-to-68-in-Davao-de-Oro

සතියකට පමණ පෙර පිලිපීනයේ  Davao de Oro ප්‍රදේශයේ රන් ආකර ගම්මානයක් තුළ සිදු වූ නාය යාමෙන්  මේ වනවිට පුද්ගලයින් 68 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්ථා වෙයි.
Davao de Oro පළාතේ පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම ව්‍යසනයෙන් පසු තවමත් 51 දෙනෙකු අතුරුදහන් වී ඇති බව නිලධාරීහු පවසති. ගලවා ගැනීමේ නිලධාරීන් පවසන්නේ තවමත් දිවි ගලවා ගත් පිරිසක් සිටීද යන්න පිළිබදව විශ්වාසයක් නොමැති බවයි.  

ගලවා ගැනීමේ මෙහෙයුමෙන් අවසන් වරට මුදවා ගනු ලැබුවේ අවුරුදු තුනක දැරියක් වන අතර , ඇය පැය පැය 60 කට වැඩි කාලයක් මඩේ සිර වී සිට ඇත.  

Davao de Oro පළාතේ ආපදා නියෝජිතායතන නිලධාරියෙකු වන Edward Macapili පැවසුවේ ,

මෙම දැරියගේ ගලවා ගැනීම "අනෙකුත් සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමට හැකි වීම සම්බන්ධ  බලාපොරොත්තුවක්" ලබා දුන් බවයි. නමුත් සඳුදා වන විට එම බලාපොරොත්තු බොඳ වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි.

"සිදුවීම සිදු වී සතියකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ... අපි උපකල්පනය කරන්නේ එහි කිසිවෙකු ජීවතුන් අතර නොමැති බවයි," යනුවෙන්  Macapili  මහතා පැවසීය.

අඟහරුවාදා රාත්‍රියේ සිදුවූ මෙම නාය යෑමෙන් නිවාස 55 ක් විනාශ වූ අතර,  රන් ආකරයෙන් කම්කරුවන් රැගෙන යාමට පැමිණි බස් රථ තුනක් ,  ජීප් රථයක් විනාශ වී ගියේය. මළවුන්ගේ සහ අතුරුදහන් වූවන්ගේ කළමනාකාරිත්වයේ (MDM) ඒකක සාමාජිකාවක් වන ලී අනෝරා පැවසුවේ ,

මේ වන විට මියගිය සංඛ්‍යාවට ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් 42 ක් සහ පතල් කැණීම් සේවකයින් 26 ක් ඇතුළත් වන බවයි.

ව්‍යවසනයෙන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

කඳුකර භූමි ප්‍රදේශය, අධික වර්ෂාපතනය , පතල් කැණීම් හා නීතිවිරෝධී දැව කැපීමෙන් සිදු වන වනාන්තර  විනාශය හේතුවෙන් පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල නායයෑම් නිරන්තර සිදු වෙයි.

අධික මෝසම් වර්ෂාව සති ගණනාවක් තිස්සේ මින්දනාඕ හි ඇතැම් ප්‍රෙද්ශ වලට බලපා ඇති අතර, නායයෑම් සහ ගංවතුර හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇත.

රිච්ටර් මාපකයේ 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් ගලවාගැනීම්කරුවන්ට ඔවුන්ගේ මෙහෙයුම් නවතා දැමීමට සිදු වූ සෙනසුරාදා සිදුවීම ඇතුළුව, මේ වන විට ප්‍රදේශය භූමිකම්පා මාලාවකට ගොදුරු වී ඇත.