indonesia-election-2024-president-joko-widodo-prabowo-subianto-interference-allegation

ලොව විශාලතම තනි දින ඡන්දය පැවැත්වීමට රට සූදානම් වන අතර, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාට රටේ මැතිවරණවලට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී තිබේ.

බදාදා පැවැත්වෙන ඉන්දුනීසියාවේ මැතිවරණයේදී මිලියන 200කට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, එහිදී රටේ මීළඟ ජනාධිපතිවරයා මෙන්ම සියලුම පරිපාලන මට්ටම්වල අනාගත විධායක සහ ව්‍යවස්ථාදායක නියෝජිතයන් ද තෝරා ගනු ලැබේ.

හිටපු හමුදා ජෙනරාල්වරයෙකු සහ වත්මන් ආරක්ෂක අමාත්‍යවරයා වන 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියන්ටෝ ඡන්ද විමසීමේ පෙරමුණ ගෙන සිටී. ඔහු පසුපසින් සිටින්නේ ජකර්තා හි හිටපු ආණ්ඩුකාර Anies Baswedan සහ මධ්‍යම ජාවා හි හිටපු ආණ්ඩුකාර Ganjar Pranowo ය.

විචාරකයින් පවසන්නේ,  ප්‍රබෝවෝගේ ව්‍යාපාරයට ජොකෝවි ලෙස අන්වර්ථ නාමයෙන් හදුන්වන ජනාධිපතිවරයාගේ සම්පත් සහ පිටුබලය ලැබී ඇති අතර ,

එය අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබීමට හේතු වී ඇති බවයි.

ජෝකෝ ඡන්දයට මැදිහත් වූ බව ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇති අතර,  ප්‍රබෝවෝ ද පැහැදිලිවම එය අනුමත කර නැත. කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍යවරයා ජොකෝවිගේ පුත්, උප ජනාධිපති අපේක්ෂක ජිබ්‍රාන් රකබුමින් රකා සමඟ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රයකින් තරඟ කරයි .  එය කළ හැක්කේ ඔහුගේ මාමා වන අන්වර් උස්මාන් විසින් මෙහෙයවන ව්‍යවස්ථාදායක අධිකරණයේ මතභේදාත්මක තීන්දුවකින් පසුව නීතිමය හිඩැසක් නිර්මාණය කිරීමෙන් පසුව පමණි.

 ප්‍රබෝවෝව මැතිවරණ ව්‍යාපාරය තුල ඉහළට නංවාලීම සඳහා ඔහුගේ බලය සහ රජයේ සම්පත් භාවිතා කළ බවට ජොකෝවිට චෝදනා එල්ල වී තිබේ. ප්‍රබෝවෝගේ ප්‍රචාරක ව්‍යාපාරයට රාජ්‍ය නිලධාරීන් සහ අරමුදල් යොදවා ඇති බවට ජොකෝවිට චෝදනා කරන ප්‍රමුඛ ඉන්දුනීසියානු ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඩැන්ඩි ලක්සෝනෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩර්ටි වෝට් නම් වාර්තා චිත්‍රපටය ඉරිදා නිකුත්  වූ අතර , එය මිලියන ගණනක් නරඹා ඇත.

ප්‍රබෝවෝගේ ප්‍රචාරක කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති හබිබුරොක්මන්, වාර්තා චිත්‍රපටය  අපහාසයක් වන බව විස්තර කර ඇත.



හිටපු විශේෂ අණදෙන නිලධාරියෙකු වන ප්‍රබෝවෝ මහතා,  මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනාවලින් පීඩා විඳි ආන්දෝලනාත්මක චරිතයකි . 1997 සහ 1998 දී ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරීන් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමේ චෝදනා මධ්‍යයේ ඔහු හමුදාවෙන් නෙරපා හරින ලද අතර , පැපුවා සහ නැගෙනහිර ටිමෝරයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලැබ සිටී. ප්‍රබෝවෝ මෙම සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති නමුත් හිමිකම් සම්බන්ධයෙන් නඩු පවරා නැත.

සඳුදා සිය ගනනක් සිසුන් සහ ක්‍රියාකාරීන් විරෝධතා පැවැත්වුයේ ,  ප්‍රබෝවෝගේ ව්‍යාපාරයට උදව් කිරීම සඳහා ජොකෝවි මහතා ඔහුගේ බලය අයුතු ලෙස භාවිතා කරන බවට චෝදනා කරමිනි.

ජකර්තා හි මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන මුහම්මද් වෆා කරිෂ්මා පැවසුවේ,  මැතිවරණය “ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන්” පිළිබඳ පරීක්ෂණයක් බවට පත්ව ඇති බවයි. එසේම ජොකෝවිගේ සහයෝගය ප්‍රබෝවෝගේ ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කර ඇති බව ඔහු පැවසීය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරුන්ට අනාගත අපේක්ෂකයින් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කිරීමට අවසර ඇත.  නමුත් ඔවුන් එසේ කිරීමට රාජ්‍ය අරමුදල් භාවිතා නොකළ යුතු වේ.

ප්‍රබෝවෝ මැතිවරණ ප්‍රතිඵලයන්ගෙන් ඉදිරියෙන් සිටින බව සමීක්ෂණවලින් ඇඟවෙන අතර , පසුගිය සතියේ නිකුත් කරන ලද ඡන්ද විමසීම් ප්‍රක්ෂේපණය කර ඇත්තේ ඔහුට බදාදා ඡන්ද වලින් 50% කට වඩා ලබා ගත හැකි බවයි. ජයග්‍රහනය කිරීමට නම් රටේ පළාත් 38 න් අඩක් වත්, එනම්  අපේක්ෂකයින් විසින් අවම වශයෙන් 20% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුය. එසේ නොමැති වුවහොත් ඡන්දය දෙවන වටයකට යනු ඇත.



2014 සහ 2019  දී ජොකෝවිට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දෙවතාවක් පරාජයට පත් වූ ප්‍රබෝවෝ,  තුන්වන වරටත් ජනාධිපති වීමට මෙම වසරේ තරඟ කරයි.

ඉන්දුනීසියාවේ ස්වාධීන මහජන අදහස් පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ  Indikator Politik Indonesia හා Prof Burhanuddin Muhtadi පැවසුවේ , ප්‍රබෝවෝ සඳහා ඇති සහය අඛණ්ඩව වැඩිවෙමින් පවතින නමුත් ඡන්දය දෙවන වටයකට යාමට තවමත් ඉඩ ඇති බවයි.
විශේෂයෙන් තරුණ ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ඔහු පැවසීය.