Poonam-Pandeys-Alive-Dead-story-is-a-performance-for-A-Cancer-Message

ඉන්දීය ප්‍රකට නිරූපිකා පූනම් පාන්ඩේ මියගිය බවට සිකුරාදා (02) දිනයේ ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා, එන්ඩීටීවී ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුවත සාවද්‍ය එකක් බව දැන් වාර්තාවේ.
ඇය ගැබ් ගෙළ පිළිකාවකින් මියගිය බවට ඇගේ කළමණාකාරු හා පවුලේ අය උපුටමින් පෙර වාර්තාව පළවූ නමුත් දැන් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවකින් පෙනී සිටිමින් එම පුවත සාවද්‍ය බව හෙළි කරන්නීය. එසේම ඇය ඒ සමග ගැබ් ගෙළ පිළිකා සම්බන්ධ ලෝකයේ අවධානය අඩු බව කියමින් ඒ ගැන දැනුවත් කිරීමට අවශ්‍ය බව කියමින් ඒ ගැන දීර්ඝ විස්තරයක්ද කරන්නීය.
වාර්තාවන ආකාරයට ඇය ඇගේ ‘ජීවිතය අහිමිවූ බව‘ රඟපෑමක් කර ඇති අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා රැවටීමකට ලක්කර ඇත.

ඇය පිළිකාව ගැන දැනුවත් කිරීමේ වෙළෙඳ දැන්වීමක් වෙනුවෙන් මෙසේ කරන්නට ඇතැයි අනුමාන කෙරේ.

වීඩියෝවේදී පූනම් කියා සිටියේ
 "මම ජීවතුන් අතර ඉන්නවා. මම ගැබ්ගෙල පිළිකාවෙන් මැරුණේ නැහැ. අවාසනාවකට ගැබ්ගෙල පිළිකාවක් නිසා ජීවිත අහිමි වූ කාන්තාවන් සිය දහස් ගණනක් ගැන මට කියන්න බැහැ"
"ඔබ සැම සමඟ වැදගත් දෙයක් බෙදා ගැනීමටයි මට ඕනෑ වුනේ මම  ජීවතුන් අතර සිටිමි,. ගැබ්ගෙල පිළිකාව මට නොපැමිණි නමුත් ඛේදවාචකයක් ලෙස, එයදහස් ගණන් කාන්තාවන්ගේ ජීවිත බිලිගෙන ඇත. මෙම රෝගය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම බොහෝ අයට අඩුයි.
"අනෙක් පිළිකා මෙන් නොව ගැබ්ගෙල පිළිකාව සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකියි. ප්‍රධාන වන්නේ HPV එන්නත සහ කලින් හඳුනාගැනීමේ පරීක්ෂණවලින් එය කල හැකියි. මෙම රෝගය නිසා කිසිවකුගේ ජීවිතය නැති කර නොගැනීම සහතික කිරීමට අපට ක්‍රම තිබේ. විවේචනාත්මක දැනුවත්භාවයෙන් එකිනෙකා සවිබල ගන්වමු. ගත යුතු පියවර පිළිබඳව සෑම කාන්තාවක්ම දැනුවත් කරමු."