Thailand-Prime-Minister-to-participate-in-76th-Independence-Day

ඉරිදාට යෙදෙන 76 වැනි නිදහස් දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තාවිසින් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.



මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය එක් දිනකට සීමා කර ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස තායිලන්ත අගමැතිවරයා පැයක පමණ කාලයක් නිදහස් දින උත්සවයට සහභාගී වීමට නියමිතයි.