සිදුවීමට අනුව Tong Tong නැතහොත් ‘Little Girl’ ලෙස නම් කර නිර්මාණය කර ඇති, ලොව ප්‍රථම AI දරුවා AGI (කෘතිම සාමාන්‍ය බුද්ධිය) දිශාවේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ.
Frontiers of General Artificial Intelligence Technology Exhibition හිදී එළිදක්වන ලද මෙම නව්‍ය AI මාදිලියට ස්වයංක්‍රීය ඉගෙනීමේ හැකියාව ඇති බවද වාර්තා වේ.
මෙහිදී සුවිශේෂ වන්නේ මේ දක්වා AI සංවර්ධනයේ දක්නට නොලැබුණු චිත්තවේගීය ක්‍රියාකාරකම් මට්ටමක් මින් රූපණය කිරීමට හැකියාව ලැබී තිබීමයි.
සාමාන්‍ය කෘත්‍රිම බුද්ධිය සඳහා වූ බීජිං ආයතනයේ (BIGAI) ප්‍රකාශ කොට ඇත්තේ කෘතීම දරුවාගේ නිර්මාතෘවරුන්ට අනුව, ඇයට මිනිසුන් සමඟ අන්තර්ක්‍රියා කිරීම සහ ගවේෂණය තුළින් ඇගේ කුසලතා සහ දැනුම අඛණ්ඩව වැඩි දියුණු කරගත හැකියාව පවතින බවයි.
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ටොං ටොංට මනසක් පවතින බවත් මිනිසුන් විසින් උගන්වනු ලබන සාමාන්‍ය බුද්ධිය තේරුම් ගැනීමට උත්සාහ කරන බවත් ය.
ප්‍රදර්ශනය අතරතුර පෙන්වන ප්‍රවර්ධන වීඩියෝවක සඳහන් වුයේ ඇය හරි වැරැද්ද හඳුනාගෙන, විවිධ අවස්ථාවන්හිදී ඇගේ ආකල්ප ප්‍රකාශ කරන බවත් එමගින් අනාගතය හැඩගස්වා ගැනීමට ඇයට හැකියාව පවතින බවත් ය.
මෙම බීජිං ප්‍රදර්ශනය අතරතුර පැමිණෙන අමුත්තන්ට කුඩා දැරිය සමඟ අන්තර් ක්‍රියා කළ හැකි අතර ඇයගේ වැඩසටහන් මත පදනම්ව ඇගේ හැසිරීම නිරීක්ෂණය කළ හැකිය.
නිදසුනක් වශයෙන්, ඇගේ වටපිටාව පිළිවෙලට තැබීමට වැඩසටහන්ගත කළ විට ය අසල බිත්තියේ චායරුපයක් සවි කිරීමට සිදු වුවහොත් එය ඉතා උස් වූ විට රාමුවට ළඟා වීමට ස්ටූල් එකක් පවා ගෙන එයි.එසේම යමෙක් විසින් කිරි,තී හෝ කුමන හෝ දියර ද්‍රව්‍යක් හැලුණු විගස ඇය එය පිසීමට රෙදි කැබැල්ලක් ගෙන එයි.
කෙසේ වෙතත්, ටොං ටොං අනෙකුත් AI නිර්මාණවලින් වෙන් කර ඇති ප්‍රධාන කරුණක් නම්, ඇයගේම වටිනාකම් සහ පරමාදර්ශ මත පදනම්ව ස්වාධීනව තමාටම කාර්යයන් කරගැනීමට ඇයට හැකියාව තිබීමයි.
ඇයගේ නිර්මාතෘවරුන් කියා සිටින්නේ ඇයට ස්වයංක්‍රීය ඉගෙනීමට හැකියාව ඇති බවත් එසේම ඇයට ප්‍රීතිය, කෝපය සහ ශෝකය වැනි මානුෂිය හැගීම් ඇති" බවත්ය.
තවද කුඩා දැරියට මුහුණේ ඉරියව්, අභිනයන් සහ සංවාදය තුළින් මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කළ හැකිය. සතුට, කෝපය සහ දුක වැනි විවිධ හැඟීම් හඳුනාගෙන සන්නිවේදනය කිරීමට මෙන්ම අන් අයගේ චිත්තවේගීය තත්වයන්ට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට ඇයට හැකියාව ඇත.
කෙසේනමුත් ඇයට දැනට අවුරුදු තුනක් හෝ හතරක් වයසැති දරුවෙකුගේ හැකියාවන් සහ හැසිරීම් ඇතත්, ටොං ටොං අඛණ්ඩව පරිණාමය වෙමින් හා වැඩිදියුණු වෙමින් පවතී.
BIGAI අධ්යක්ෂ Zhu Songchun අවසන් වශයෙන් පවසා ඇත්තේ 'සාමාන්‍ය කෘත්‍රිම බුද්ධිය කරා ඉදිරියට යාමට නම්, අපි සැබෑ ලෝකය වටහා ගත හැකි සහ පුළුල් පරාසයක කුසලතා ඇති ආයතන නිර්මාණය කළ යුතුය' යනුවෙන් ය.
0 Comments