පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය මගින් ඇය සදහන් කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමටද මෙතෙක් තීරණය කර නොමැති බවය.විවිධ ජනපති අපේක්ෂකවරුන්ට ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමට තීරණය කර ඇති බවට ජනමාධ්‍යවල පවතින වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යය බව සිය නිවේදනය මඟින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැනුම් දී තිබේ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එළැඹෙන ජනපතිවරණයට ඉදිරිපත්වන බව රාවයක් පවතිද්දී ඔහු ඊයේ ” දේශය වෙනුවෙන් එක්වන පියවරක් ” ප්‍රායෝගික වැඩපිළිවෙළ කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ජනගත කළ අතර
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, සාරතී දුෂ්මන්ත, කුමාර වෙල්ගම, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, රවුෆ් හකීම්, ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, සහ කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. සිවිල් ක්‍රියාකාරීන් ද ඊට එක්වූ අතර විදේශ තානාපතිවරු ද සහභාගී වූහ.
චන්ද්‍රිකා මහත්මියගේ නිවේදනය පහතින්
0 Comments