Apple-halts-electric-car-project

විද්‍යුත් වාහන (EV) තැනීමේ ව්‍යාපෘතියේ නියැලෙන බවට කටකතා පැතිරීමෙන් දශකයකට පමණ පසු , Apple සමාගම විසින් විද්‍යුත් වාහන (EV) තැනීමේ සැලසුම් අවලංගු කර ඇති බව වාර්තා වේ.

පුද්ගලයන් දෙදහසක් පමණ සම්බන්ධ වන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ කිසිවක්, මෙම සමාගම කිසි විටෙක ප්‍රසිද්ධියේ පිළිගෙන නැත.



වාර්ථා වන අන්දමට ව්‍යාපෘතියට සම්බන්ද වූ බොහෝ සේවකයින්,  iPhone සමාගමේ කෘතිම බුද්ධි (AI) අංශය වෙත ගෙන යනු ඇත.

Apple මෝටර් රථ කණ්ඩායම එහි ප්‍රධාන විධායක Tim Cook's Project Titan හි කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය , "විශේෂ ව්‍යාපෘති සමූහය" ලෙස හැඳින්වූ බව වාර්තා වේ.

ආයතනය විසින් මෙම ව්‍යාපෘතියේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කර ඇති බවත් , මෙම රථය සුක්කානමක් සහ පැඩල් නොමැතිව පූර්ණ ස්වයංක්‍රීය වාහනයක් ලෙස වැඩ කරන බවටත් මුලදී කටකතා පැතිර ගියේය.

කණ්ඩායමට තවමත් වාහනයක් නිෂ්පාදනය කිරීමට වසර ගණනාවක් ගතව ඇති බව පෙනී යයි.

සමාගම මෑතකදී දියත් කළ Vision Pro virtual reality හෙඩ්සෙට් ඇතුළු iPhone සහ පරිගණකවලින් ඔබ්බට වෙනත් නිර්මාණ පිලිබදව ගවේෂණය කරමින් සිටී .



වෙළෙදපොළේ අනෙකුත් නිෂ්පාදකයින් විසින් පාරිභෝගිකයින් දිනා ගැනීමට උත්සාහ කරන බැවින් හා ණය ගැනීමේ පිරිවැය ඉහළ මට්ටමක පවතින බැවින්,  මෑත කාලයේ දී EV සඳහා ඇති ඉල්ලුම අවම විය.

පසුගිය මාසයේ විදුලි මෝටර් රථ නිෂ්පාදක සමාගම වන ටෙස්ලා විසින් අනතුරු ඇඟවූයේ,  2023 වසරට සාපේක්ෂව මෙම වසරේ විකුණුම් වර්ධනය දුර්වල වනු ඇති බවටයි .

බහු-ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් මෙහෙයවනු ලබන මෙම සමාගම, BYD වැනි චීන ප්‍රතිවාදීන්ගෙන් දැඩි තරඟයකට මුහුණ දෙන බැවින් යුරෝපය සහ චීනය ඇතුළු ලොව පුරා ප්‍රධාන වෙළඳපලවල පැවති මිල ගණන් අඩු කර ඇත.