පාකිස්තානයේ මීළඟ රජය පිහිටුවීමට පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් (PML- N) සහ පාකිස්තාන මහජන පක්ෂය (PPP) ඇතුළු සන්ධානයක් එකඟ වී ඇති අතර, හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය මැතිවරණයේදී වැඩි ඡන්ද ප්රතිලාභ ලබා ගත්තද , එයට බලය හිමි නොවන බවට සහතික විය .
අඟහරුවාදා රාත්‍රියේ ඉස්ලාමාබාද්හි පැවති මාධ්‍ය හමුවකදී, " පකිස්ථානය දුෂ්කරතාවයෙන් මිදීම සඳහා" හවුල් ආන්ඩුවක් පිහිටුවීමට කුඩා සභාග හවුල්කරුවන් දෙදෙනෙකු සමඟ ප්‍රතිවාදී පක්ෂ එකඟ වී ඇති බවත් , එහි එකම අගමැති අපේක්ෂකයා වීමට PML-N හි ජනාධිපති ෂෙබාස් ෂරීෆ් එකඟ වන බවත් තහවුරු කර ඇත.
ඛාන්ගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය විසින් මෙම සභාග ආණ්ඩුව හැඳින්වූයේ "ජනවරමේ හොරු" ලෙසිනි.
පසුගිය සතියේ පකිස්ථානයේ මැතිවරනයෙන් පසු දින කිහිපයක මතභේදයන්ගෙන් පසුව මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ , මිලිටරි විරුද්ධත්වය සහ රාජ්‍ය විසින් මෙහෙයවන ලද මර්දනයක් නොතකා PTI වෙත වැඩිම ඡන්දයන් හිමි වී තිබූ පසුබිමකය.
මැතිවරණ ප්‍රතිඵල සදහා බලපෑම් කිරීමේ හැකියාවක් ඇති පකිස්ථාන බලගතු හමුදාවේ නිහඬ පිටුබලය ලබා ගැනීමෙන් පසුව, මැතිවරනය තුළ PML-N පක්ෂය සහ එහි නායක නවාස් ෂරීෆ්ට පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරිණ. එහෙත් ජනතාව මැතිවරයේ දි විශාල සහයෝගයක් PTI පක්ෂයට ලබා දෙමින් වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලබා දුන්නේ නවාස් ෂරීෆ්ට කළ අවමානයක් ලෙසිනි.
PTI රජයක් පිහිටුවීමට ප්‍රතිඥා දී ඇති නමුත්, එහි අපේක්ෂකයින්ට ස්වාධීන අපේක්ෂකයින් ලෙස තරඟ කිරීමට බල කිරීම සහ එහි නායකයා වන ඉම්රාන් ඛාන් වසර 10 කට වැඩි සිරදඬුවම් විඳීම ඇතුළු බොහෝ බාධක වලට පක්ෂය මුහුණ දුන්නේය .
මැතිවරණයේ දී සිදු වූ දූෂිත ක්‍රියා හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර බොහෝ ගනනක් ඔවුන්ට අහිමි වූ බවට ද PTI පක්ෂය චෝදනා කර තිබේ. අඟහරුවාදා දිනයේ දී බන්ධනාගාරයේ සිට පණිවිඩයක් නිකුත් කරමින් ඛාන් පැවසූවේ, “සොරකම් කළ ඡන්දවලින් ආන්ඩුවක් පිහිටුවීම පහත් ක්‍රියාවක් වන බවයි. ”
2022 සිට 2023 දක්වා මාස 16ක කාලයක් අගමැති ධුරය දැරූ නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරා වන ෂෙබාස් ෂරීෆ් නැවත වරක් එම ධුරය භාර ගන්නා බව එම මාධ්‍ය හමුවේදී තහවුරු වූයේ, ඔහු සභාගය විසින් නිතරගයෙන් නම් කරනු ලබන බැවිනි.
PPP පක්ෂයේ සම-සභාපති අසීෆ් අලි සර්දාරි වාර්තාකරුවන්ට පැවසුවේ, සියල්ලුම අංශයන් කෙරෙහි අවධානය යොමු කරමින් සභාග ආණ්ඩුවක් පිහිටු වීමට ඔවුන් එකගවන බවයි.
සර්දාරි ජනාධිපති ධූරය සඳහා නම් කරනු ඇත. නමුත් PPP පක්ෂය කියා සිටියේ ,
තමන් PML-N වැනි කුඩා සභාග පක්ෂ විසින් අත්පත් කර ගනු ලබන සභාග ආන්ඩුව තුළ අමාත්‍යාංශ කිසිවක් නොගන්නා බවයි.
ඛාන් තනතුරෙන් නෙරපා හැරීමේ ඒකීය අරමුණක් ඇතිව 2020 දී එකට එකතු වූ පකිස්ථාන ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරයට (PDM) සභාගය සමාන ය. 2022 අප්‍රේල් මාසයේදී ඛාන් බලයෙන් ඉවත් කිරීමෙන් පසුව, ෂෙබාස් ෂරීෆ් අගමැති ලෙස රට පාලනය කළ නමුත් රටේ ආර්ථික අර්බුදය පාලනය කිරීමට ඔහු අසමත් වීම නිසා ජනතාවගේ ප්‍රසාදය හිමි නොවීය.
රට ආර්ථික අර්බුදයෙන් පිටතට ගෙන ඒම සඳහා “විප්ලවවාදී පියවර” ගැනීමට ෂෙබාස් ෂරීෆ් පොරොන්දු විය. එසේ වුවද, ඛාන්ට සහ PTI පක්ෂයට මිලිටරි මැදිහත්වීම් සිදු කළ මෙම පක්ෂවලට එරෙහිව , ඡන්දය දීමට ඉදිරිපත් වූ ඉහළ ජන සංඛ්‍යාවක් සිටින රට තුළ , නව සභාග ආන්ඩුව මහජන අවිශ්වාසයේ සහ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න මාලාවක් යටතේ බලය ලබා ගනු ඇත.
PML-N සහ PPP පක්ෂයන් හී අපේක්ෂකයින් අධික ඡන්ද මංකොල්ලකෑම් සහ මැතිවරණ මැදිහත්වීම් වලින් ප්රතිලාභ ලබන බවට , PTI ඇතුළු අනෙකුත් කුඩා පක්ෂ චෝදනා කර ඇත. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයද PML-N සහ PPP පක්ෂයන් හී ක්‍රියාවන් හෙලාදැක ඇත. මැතිවරණයේ දී දෙපාර්ශවයටම ලබාදුන් ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් නඩු බොහෝ ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඡන්ද විමසීමේදී කිසිදු අක්‍රමිකතා සිදුවී වි නොමැත් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.
පකිස්තානයේ බලවත්ම රාජවංශ දෙක වන භූතෝ සහ ෂරීෆ්ගේ දේශපාලන ආධිපත්‍යය , සභාගය විසින් යළි තහවුරු කළේය. නවාස් ෂරීෆ්ගේ දියණිය වන මේරියම් නවාස් ප්‍රධාන දේශපාලන තනතුරක් වන පන්ජාබ් පළාතේ මහ ඇමති ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ඔවුන්ට ආන්ඩුව පිහිටුවීමට ආරාධනා නොකළහොත් විපක්ෂයක් පිහිටුවන බවට PTI හි නායකත්වය විසින් ප්‍රතිඥා දී ඇති අතර, ඔවුන් PML-N සහ PPP හී සභාගය ප්‍රතික්ෂේප කරන බව පැහැදිලි කළේය. ඛාන්ට අමතරව, PTI හි ජ්‍යෙෂ්ඨ නායකයින් බොහෝ ගනනක් දේශපාලනික චෝදනා මත සිරගතව සිටිති.
PPP පක්ෂයේ සම-සභාපති වන සර්දාරි විසින් “සංහිඳියාවකට” එක්වන ලෙසට PTI පක්ෂය වෙතින් ඉල්ලා සිටියි.
0 Comments