US-approves-plan-to-strike-Iranian-targets-in-Syria-and-Iraq,-officials-say

සිරියාවේ සහ ඉරාකයේ ඇති ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සදහා වන එක්සත් ජනපදය සැලසුම අනුමත කර ඇති බව BBC හි එක්සත් ජනපද හවුල්කරු පවසා ඇත.

ප්‍රහාරයන් දින කිහිපයක් පුරා සිදුවනු ඇති අතර, ඒවා දියත් කරන විට කාලගුණික තත්ත්වයන් සලකා බලනු ඇතැයි නිලධාරීහු පවසති.

මෙම ප්‍රතිප්‍රහාර පිළිබද පුවත පැමිනෙන්නේ , ඉරිදා දිනයේ දී සිරියානු දේශසීමාවට ආසන්න ජෝර්දානයේදී සිදු වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් එක්සත් ජනපද සොල්දාදුවන් තිදෙනෙකු මිය යෑමෙන් පසුවය.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය චෝදනා කළේ ඉරානයේ සහාය ලබන මිලීෂියා කණ්ඩායමකටය.



එම කණ්ඩායම, ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධය තුළින් සහා ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය මගින් සන්නද්ධ වී ඇති අතර , අරමුදල් සහ පුහුණුව ලබා ඇති බව විශ්වාස කෙරේ. ඉරිදා දින සිදු වූ ප්‍රහාරයේ වගකිව තමා ගන්නා බවද  එම කණ්ඩායම පවසා තිබේ.

මේ අතර ටවර් 22 ලෙස හැඳින්වෙන හමුදා කඳවුරේ සිටි එක්සත් ජනපද සෙබළුන් 41 දෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාරයේ වගකීම ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.

නමුත් ටවර් 22 එක්සත් ජනපද මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් ඩ්‍රෝන යානය ඉරානය විසින් නිෂ්පාදනය කරන ලද්දක් බවට එක්සත් ජනපද බුද්ධි අංශ විශ්වාස කරන බවත් , එය යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා ඉරානය රුසියාවට යවන ලද ඩ්‍රෝන යානාවලට සමාන බවත් එක්සත් ජනපද නිලධාරීන් පවසා තිබේ.

අදහස් දැක්වූ නිලධාරීන් ප්‍රහාර දියත් කරන්නේ කවදාද යන්න සම්බන්ධව නිශ්චිත කාලසටහනක් ලබා දී නැත.  අයහපත් කාලගුණය තුළ වුවද එක්සත් ජනපද හමුදාවට ප්‍රහාර දියත් කළ හැකි නමුත් , ඒ හරහා සිවිල් වැසියන්ට අනතුරු ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා වඩා හොඳ දෘශ්‍යතාවක් ඇති කාලගුණයක් තුළදී ප්‍රහාර දියත් කරන බව ඔවුහු පැවසූහ.



ඉරාන භූමියේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ඉක්මන් කළ යුතු බවට වන රිපබ්ලිකන් නීති සම්පාදකයින්ගේ දැඩි පීඩනයකට ජනාධිපති ජෝ බයිඩන් මුහුණ දී තිබේ. ඩ්‍රෝන් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපදය නැවත නැවතත් ප්‍රතිඥා දී ඇති නමුත් , බිඩෙන් මහතා සහ අනෙකුත් ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ , ඉරානය සමඟ පුලුල් යුද්ධයක් හෝ කලාපය තුල ආතතීන් උත්සන්න කිරීමක් වොෂින්ටනය අපේක්ෂා නොකරන බවයි.

ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායල-හමාස් යුද්ධයේ ආරම්භයේ සිට ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම් කිහිපයක් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සම්බන්ධ ආයතනවලට ප්‍රහාර වැඩි කර ඇත.

ඔක්තෝම්බර් මාසයේ සිට එක්සත් ජනපද හමුදාවන්ට ප්‍රහාර 160කට වඩා දියත් කර ඇති ප්‍රොක්සි කණ්ඩායම්වල ක්‍රියාවන් පිළිබඳව ඉරාන ආන්ඩුව වඩ වඩාත් කනස්සල්ලට පත්වන බවට ලකුණු ඇති බව එක්සත් ජනපද නිලධාරීන් පැවසීය.

ජෝර්දානයේ ප්‍රහාරයෙන් මියගිය එක්සත් ජනපද සොල්දාදුවන් තිදෙනාගේ සිරුරු සිකුරාදා ඩෙලවෙයාර් ගුවන් හමුදා කඳවුරකට ගෙන ඒමට අපේක්ෂා කෙරේ. ජනාධිපති බිඩෙන් ඊට සහභාගි වන බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.



මෙම සොල්දාදුවන් තිදෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ඇති අතර, එම සොල්දාදුවන් තිදෙන් වන්නේ 46 හැවිරිදි William Jerome Rivers, 24 හැවිරිදි Kennedy Ladon Sanders සහ 23 හැවිරිදි Breonna Alexsondria Moffett ය . මෙම තිදෙනාම ජෝර්ජියාවේ Fort Moore හි පිහිටි හමුදා සංචිත ඒකකයක කොටස්කරුවන් වූහ.