බ්‍රසීලය පුරා කානිවල් සැමරුම් පැවැත්වීමට දින කිහිපයකට පෙර රියෝ ද ජැනයිරෝ හි ඩෙංගු උණ වසංගතයක් හේතුවෙන් මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන සහ ආන්තික අවස්ථාවන්හිදී මරණයට හේතු විය හැකි මදුරුවන්ගෙන් බෝවන රෝගය පැතිරීම පාලනය කිරීමේ උත්සාහයක් ලෙස නගරයේ නගරාධිපති Eduardo Paes සඳුදා මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇති බව සදහන් වේ.
මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම කඩිනමින් සිදුවන බව පැවසේ.
සිකුරාදා නිල වශයෙන් ආරම්භ වන රියෝ සිය ලෝක ප්‍රසිද්ධ සැණකෙළිය සඳහා සූදානම් වන විට මෙම තත්වය උද්ගතව ඇත.
මෙම රියෝහි පැවැත්වෙන වර්ණවත් පෙළපාළි සහ බ්ලොක් සාද ලොව විශාලතම සාද අතර ප්‍රසිද්ධියක් උසුලන අතර මෙය දැක බලා ගැනීමට මිලියන ගණනක් විනෝදකාමීන් වීදිවලට එක් රැස් වෙයි.
නගර සභාවේ වසංගත රෝග නිරීක්ෂණ මණ්ඩලයට අනුව මේ වසරේ රියෝ දැනටමත් ඩෙංගු රෝගීන් 11,200 කට වඩා ලියාපදිංචි කර ඇත.එය 2023 වර්ෂයේම දැකගත හැකිවුයේ 23,000 කට ආසන්න සංඛ්‍යාවක් වශයෙනි.
සීඑන්එන් බ්‍රසීල් වාර්තා කළේ ජනවාරි මාසයේදී පමණක්, ඩෙංගු රෝගය හේතුවෙන් රියෝහි පුද්ගලයින් 362 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත්,එය ඉහළම වාර්තාවක් වන බවත් ය.
.
රියෝ හි නාගරික සෞඛ්‍ය ලේකම් ඩැනියෙල් සොරන්ස් පැවසුවේ “2024 එක් මාසයකදී අපට පෙර වසරේ මුළු රෝගීන්ගෙන් භාගයක් පමණ මේ වන විටත් සිටීම දැඩි සැලකිල්ලක් ඇති කල යුතු කරුණක් වන බවය.
රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා, රියෝ හරහා සත්කාර මධ්‍යස්ථාන 10 ක් විවෘත කරන බව නගරය පැවසූ අතර මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව රොයිටර් වාර්තා කර ඇත.
මේ වන විට දෙවන වැඩිම ජනගහන ප්‍රාන්තය වන මිනාස් ජෙරායිස් සහ බ්‍රසීලියා අගනුවර පිහිටි ෆෙඩරල් දිස්ත්‍රික්කය ඇතුළු ඩෙංගු ආසාදන වැඩිවීම නිසා මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රකාශ කරන ප්‍රාන්ත තුනෙන් එකක් ලෙස රියෝ නම් කර ඇත.
තවද වසරේ මුල් සති පහ තුළ රට පුරා ඩෙංගු ආසාදන 365,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ එය පසුගිය වසරේ එම කාලයට වඩා සිව් ගුණයක් වන බවත්,මේ වන විට මරණ හතළිහක් තහවුරු වී ඇති බවත් ය.
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍ය Nísia Trindade අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් හේතුවෙන් බ්‍රසීලයේ නගර කිහිපයක් හදිසි තත්වයකට මුහුණ දී තිබෙන බවයි.
මෙය බ්‍රසීලයේ පසුගිය වසරේ සිට වාර්තාගත තාපය සහ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනය මදුරුවන් සම්ප්‍රේෂණයට පිටුවහලක් වුවා විය හැක.
ඩෙංගු යනු සිකා, චිකුන්ගුන්යා සහ කහ උණ පැතිරීමට වගකිව යුතු ඊඩිස් ඊජිප්ටයි මදුරුවා දෂ්ට කිරීම හරහා සම්ප්‍රේෂණය වන වෛරස් ආසාදනයකි.
එය හිසරදය, මාංශ පේශි සහ සන්ධි වේදනාව, උණ සහ කුෂ්ඨ ඇති කරයි,එසේම ආසාදිතයින්ගෙන් 25% ක් පමණක් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි දරුණු අවස්ථාවට ගිය විට ලේ ගැලීම, කම්පනය, ඉන්ද්රිය ක්‍රියා විරහිත වීම සහ මරණයට පත්වීම දක්වා සංකීර්ණ වනු ඇත.
එසේම ඩෙංගු යනු මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන වඩාත් සුලභ වෛරසය වන අතර සෑම වසරකම ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ආසාදනය වන බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
මෙහිදී රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර, බ්‍රසීලය ඩෙංගු වලට එරෙහිව මහා එන්නත් ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.
තවද සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, බ්‍රසීලය 2023 මාර්තු මාසයේදී එන්නත අනුමත කළ අතර මහජන සෞඛ්‍ය පද්ධතිය තුළ ඩෙංගු එන්නතක් ලබා දුන් පළමු රට බවටද මෙම රට පත්ව ඇත.
අමාත්‍යාංශයේ සැලසුම වන්නේ 2024 දී මිලියන 3.2 ක ජනතාවක් වෙසෙන රටෙහි අවුරුදු 10 සිට 14 දක්වා ළමුන්ගෙන් මෙම එන්නත ආරම්භ කිරීමය.ඒ සදහා ජපන් ඖෂධ නිෂ්පාදකයෙකු වන Takeda වෙතින් Qdenga එන්නත ලබා දෙනු ඇත.
Nísia නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිෂ්පාදන රසායනාගාරය විසින් නිෂ්පාදනය කරන ලද සීමිත මාත්‍රා ගණන අනුව එන්නත් කිරීම ක්‍රමානුකූලව සිදුවනු ඇති බවත්,ඩෙංගු එන්නත් නිෂ්පාදනය සහ ප්‍රවේශය පුළුල් කිරීමේ ජාතික ප්රයත්නයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධීකරණය කරනු ඇති බවත් ය.
බ්‍රසීලියා සිකුරාදා වන විට එන්නත් කිරීම ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත .
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාත්‍රාව නිකුත් කළ වහාම ළමයින්ට එන්නත් කිරීමට ද සැලසුම් කරන බව රියෝ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව සීඑන්එන් බ්‍රසීල් වාර්තා කර ඇත.
පසුගිය මාසයේ Lancet සඟරාවේ පළ වූ ලිපියකට අනුව, සායනික අත්හදා බැලීම්වලින් පෙනී යන්නේ එන්නත මගින් දරුණු ඩෙංගු රෝගය වැළඳීමේ අවදානම 80-90% කින් අඩු කර රෝහල් ගත කළ හැකි බවයි.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus කියා සිටියේ බ්‍රසීලයේ වර්තමාන ඩෙංගු පැතිරීම පැසිෆික් සාගරයෙන් ආරම්භ වන ස්වභාවික දේශගුණික රටාවක් වන සහ ගෝලීය කාලගුණයට බලපාන “එල් නිනෝ සංසිද්ධිය” මගින් පෝෂණය වන බවයි. මෙය NOAA හි දේශගුණ අනාවැකි මධ්‍යස්ථානයේ නව දත්ත වලට අනුව වාර්තාගත ප්‍රබලම එකක් බවට පත්ව ඇත.
වැඩි දුරටත් Tedros පවසන්නේ මෙම ඩෙංගු පැතිරීම ගෝලීය ඩෙංගු වැඩිවීමේ කොටසක් වන බවත්, එය යුරෝපයේ කලාපය හැර ලෝකයේ සෑම කලාපයකම රටවල් 80 කින් වාර්තා වූ බවත්,පසුගිය වසරේ මිලියන 5 කට වඩා වැඩි රෝගීන් සහ 5,000 ක් වාර්තා වී ඇති බවත් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව වාර්තා වූ ගෝලීය රෝගීන් මිලියන 5 න් මිලියන 3 කට ආසන්න සංඛ්‍යාවක් බ්‍රසීලයේ විය.
තවද පසුගිය දශක දෙක තුළ ගෝලීය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අට ගුණයකින් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
කෙසේනමුත් මිනිසා විසින් ඇති කරන දේශගුණික අර්බුදය උග්‍ර වන විට, මදුරුවන්ගෙන් බෝවන රෝග තවදුරටත් පැතිර යා හැකි අතර මිනිස් සෞඛ්‍යයට වඩා වැඩි බලපෑමක් ඇති කරනු ඇත.
0 Comments