bus-fare-no-hike

ඩීසල් මිල ඊයේ (01දා) දින සිට වැඩි වුවද බස් ගාස්තු වැඩි නොවීම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා සිටියි.



එම මාධ්‍ය නිවේදනය මෙසේ සඳහන් වේ.



2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව 2002 ජූලි මස සිට බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ.

එම බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වාර්ෂික බස් ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජූලි මස 01වැනිදා ප්‍රකාශයට පත් කළ යුතු අතර, එසේම වර්ෂයේ ප්‍රථම මාස 09 තුළ ඩීසල් මිලේ ශීඝ්‍ර වැඩිවීමක් සිදුවුවහොත් සහ එම වැඩිවීම සමස්ත කිලෝමීටර් එකක ධාවන පිරිවැය 4%කට අධික ප්‍රමාණයකින් වැඩිවීමට දායක වුවහොත් ඩීසල් මිල වැඩිවී එක් මසක් තුළ අතුරු ගාස්තු වැඩිවීමක් සිදුකළ යුතුය.



වර්තමානයේ ක්‍රියාත්මක වන බස් ගාස්තුව (2023.09.03 දින ප්‍රකාශයට පත් කරන ලද) ගණනය කිරීමේදී 2023.09.01 දින ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රු. 341/- මිල ගලපා ඇත. එහෙයින් 2024/02/01 දින සිට (2024/01/31 දින මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රු. 363/- දක්වා වැඩි වීම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය සඳහන් මිල සූත්‍රයට ගැළපූ විට සමස්ත කිලෝමීටර් එකක ධාවන පිරිවැය 2.61%කින් වැඩිවීමට දායකවී ඇති බැවින් උක්ත ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව සියලුම ජනතාව වෙත කාරුණිකව දන්වා සිටිමි.