යාපනය වෛද්‍ය පීඨ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයෙන් Riders Hub Cycling Club විසින් සංවිධානය කරන ලද P2P පාපැදි සවාරියේ වයස අවුරුදු 40න් පහළ කාණ්ඩයට සහභාගි වී අනුශූරතාව දිනා ගත් චමීර විජේබණ්ඩාර සිය සම්මානය නිවේදනය කළ පසු වේදිකාවට ගොස් පෙරළියක් කළේය.
ඔහු කියා ඇත්තේ තමන් පොලිස් දෙපාර්තමේන්තුව ගැන ඇති නොකැමැත්ත නිසා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් සම්මාන ලබාගැනීමට නොහැකි බවය.
චමීර විජේබණ්ඩාර අනතුරුව එම උත්සවයේ වේදිකාවේ සිටි රයිඩර්ස් හබ් පාපැදි සමාජයේ සභාපති කලීල් ගෆූර් අතින් සම්මානය ගත් අතර අජිත් රෝහණ කරබාගෙන සිටියේය.
චමීර විජේබණ්ඩාර මොරටු විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරුවෙකු වන අතර ඔහු තොරතුරු තාක්ෂණ ආයතනයක ප්‍රධානියෙකි.
මේ ගැන සටහනක් තබන ඔහු කියා සිටින්නේ
“මෙම ක්‍රියාව මගේ පමණක් නොව මානව හිමිකම්, යහපාලනය සහ වගවීම වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ද හැඟීම් නියෝජනය කරන බව මම තරයේ විශ්වාස කරමි.“ ලෙසිනි.
0 Comments