champika-ranawaka-president-election

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ශක්තිමත් පදනමක් මත ඉදිරිපත්කරන බව පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරයි.



ආර්ථික, සමාජ, දේශපාලන ආදී අර්බුද රැසක් මත රට ගිලන් ව ඇති බවත් සමාජය ද ගැටලු රැසකට ලක්ව ඇති බවත් පෙන්වා දෙන ඔහු ඒවායෙන් සමාජය මුදා ගැනීමේ ශක්තිමත් සහ ස්ථාවර නායකත්වය සැපයිය හැකි දේශපාලනඥයා පාඨලී චම්පික රණවක මහතා බව  අවධාරණය කරයි.

ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට පසුබිම සකසන බවත් වත්මන් ජනාධිපති, විපක්ෂනායක සහ අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපතිධුරයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වනු ඇති වටපිටාවක පාඨලී චම්පික රණවක මහතා ස්ථානගත කරන්නේ කෙසේද යන්න සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව පවතින අර්බුදයෙන් ගලවා ගත හැක්කේ නීත්‍යානුකූලව ක්‍රියාකරන,

සොරකම් නොකරන, විශ්වසනීය පුද්ගලයෙකුට බව, ලක්තිලක මහතා අවධාරණය කරයි. එම සියලු සුදුසුකම් සහිත පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම, ජනතා කැමැත්ත සහ ඉල්ලීම මත සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.